ඒරාෂ්ටක කාල වකවානු ඔබට බලපාන හැටි
මෙම කෘතියෙහි කතුවරයා වන පාරින්ද්ර සුගතදාස ර/ හිඳුරංගල විද්යාලය, ඇහැලියගොඩ මධ්ය මහා විද්යාලය, රත්නපුර සීවලී මධ්ය මහා විද්යාලය යන විදුහල්වලින් අධ්යාපනය ලබා ඇත. තවද ඔහු ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයෙහි භෞතික විද්යා පීඨයෙන් විද්යාවේදී උපාධිය ලබාගෙන ඇති අතර එම විශ්වවිද්යාලයෙන්ම ලේඛකත්වය සහ ජන සන්නිවේදනය පිළිබඳ පශ්චාද් උපාධි අභියෝග්යතා පත්රයක්ද ලබාගෙන ඇත. ඔහු මීට පෙර "ප්ලේන්ටිය" කෙටිකතා සංග්රහයද, "කථිකත්වයේ අසිරිය" නම් වූ කෘතියද ජනගත කර ඇත. දැනට වසර ගණනාවක් තිස්සේ ජ්යෝතිෂ්ය විෂය පිළිබඳව අලුත් ඇසකින් බලමින් පර්යේෂණ සිදු කරන ඔහු ජ්යෝතිෂ්ය පිළිබඳ විද්යුත් මාධ්ය සහ මුද්රිත මාධ්ය සම්පත් දායකයකු ලෙස ද දශකයක පමණ කාලයක් තිස්සේ කටයුතු කරයි. මෙම කෘතිය තුළ අන්තර්ගතව ඇත්තේ "රිවිර" ඉරිදා සංග්රහයෙහි ඔහු විසින් ඒරාෂ්ටක කාල වකවානු පිළිබඳව පළ කළ ආන්දෝලනාත්මක ලිපි පෙළකි. විද්යාවේදී උපාධියක් සහ පශ්චාද් උපාධි සුදුසුකම් ලබා තිබියදීත් ලිපිකරුවකු ලෙසින් තම වෘත්තීය ජීවිතය ආරම්භ කළ පාරින්ද්ර සුගතදාස වර්තමානයේ සහකාර කොමසාරිස්වරයකු ලෙස සේවය කරයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.