විවාහය හා කර්ම බලය
පූර්ව ආත්ම ගත කුසල අකුසලකර්ම බලවේගයන් පල දෙන ආකාරය කේන්ද්‍රගත ග්‍රහයන් මාර්ගයෙන් සංකේතවත් වුව ද, දෛවෝපගත සියල්ල ග්‍රහයින් වෙත පැවරිය හැකි නොවේ. විවාහයක වුව ද පැන නඟින ගැටලු කේන්ද්‍රගත පසුබිමට අමතරව ජීවන පරිසරය ආශ්‍රිතව ගොඩනැගුණ අභියෝගයන් ද වේ. මේවායින් බොහෝමයක් අපගේ පෞරුෂය තුළ සංවර්ධනය වූ කායික මානසික ශක්ති ප්‍රවාහයන් මනා ලෙස හැසිරවීමෙන් විසඳා ගත හැකි ඒවාය. ඒ සඳහා අප තුළ සෘජු අධිෂ්ඨානශීලී චිත්ත බලයක් තිබිය යුතුය.
විවාහ සිහිමිකරණයේ දී එහි පැවැත්ම සමබරතාව හා සාර්ථකත්වය සඳහා වඩා නිවැරදි හා සාධාරණ ජ්‍යොතිෂමය උපදේශයක් ලබා දීමට හැකි නම් එය සුවිශේෂී සමාජ මෙහෙවරක් වනු ඇත.
තුෂාරා වික්‍රමසිංහ මහත්මිය විසින් රචිත 'ජ්‍යොතිෂය, විවාහය සහ කර්ම බලය' නම් වූ මෙම කෘතියෙන් විවාහය ආශ්‍රිත සිදුවීම් කෙරෙහි ග්‍රහයින්ගේ බලපෑම් පර්යේෂණාත්මක මට්ටමින් විමසීමකට ලක්කර ඇත. මෙම ග්‍රන්ථය හොඳින් කියවන පාඨකයාට, තම ජීවිතයේ මුහුණ දෙන ගැටලු බුද්ධිමත්ව ඉවසීමෙන්, කැපවීමෙන් හා අවබෝධයෙන් යුතුව විසඳා ගැනීමට මඟ පෙන්වා දී ඇත.
ගයාන් සමරසිංහ
නියෝජ්‍ය විශේෂාංග කර්තෘ
ඉරිදා දිවයින
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.