මිනිසා කෙරෙහි ග්‍රහ බලපෑම්
“මිනිසා කෙරෙහි ග්‍රහ බලපෑම්” කෘතියේ පරිවර්තකයා 1930.03.08 වැනි දා කිතුනු හා බුදුනු මවුපියන් නිසා නාත්තන්ඩිය, නාරාවිලදී උපත ලද්දේ, නාරාවිල කිතුනු හා බුදුනු විදුහල් වලින් ප්‍රාථමික හා ද්විතියික අධ්‍යාපනය ලබන අතර 1941 - 1951 තෙක් ජේෂකර්මාන්තයේ නිරතව සිට, 1950 දී දෙටුපෙළ සමත්ව, 1952 දී ගුරු වෘත්තියට පිවිසුණේ ය.
එවක් පටන් ඔහු නිට්ටඹුව ගුරු විදුහලින් පුහුණු ගුරු (1954 - 55), ලන්ඩන් අ. පො. ස. උසස් පෙළ (1962), පේරාදෙණිය සරසවියෙන් සිංහල ඩිප්ලෝමා (1961 - 63), ශාස්ත්‍රවේදී (1967), හා අධ්‍යාපන ඩිප්ලෝමා පශ්චාත් උපාධි (1974) සහතික ලබමින් සිය වෘත්තියෙහි නිරතව සිට විශ්‍රාම ලැබ පරිවර්තන කාර්යෙහි නිරතව සිටී.
සිංහල, පාලි, සංස්කෘත හා ඉංගිරිසි භාෂා ඇසුරින් පරිවර්තන කාර්යෙහි නියැළෙන ඔහුගේ තොරදෙන අමාදිය, ඍග්වේදගීතාවලී හා මහාකවි කාලිදාසගේ කුමාරසම්භව යන පරිවර්තන කෘතීහු රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබ සිටිත්.
මහාචාර්ය කපිල අභයවංශ
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.