ෆෙයාර්බෑන්ක් බහු ලෝ පාසල
අභ්‍යවකාශගතවන දරුවන්ට මූලික පුහුණුව ලබා දෙන පාසල පිහිටා තිබුණේ ඇලස්කාවේ. එය ෆෙයාර්ඩෑන්ක් නගරයේ ටානානා නදියට යාබදව පිහිටි දර්ශනීය බිම්කඩකයි ඉදිකරලා තිබුණේ. මෙය ලෝකයටම විවෘත වූ පාසලක්.
එහෙත් මෙම පාසලට ඇතුළත්වීම පහසු නැහැ. ඒ වගේම මෙහි පුහුණු ක්‍රියාකාරකම්වල යෙදීම ඊටත් වඩා අපහසුයි. ඒ සඳහා අධිෂ්ඨානය පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. මනා ශාරීරික යෝග්‍යතාවයක් නොමැති අයෙකුට මෙම පාඨමාලාව සම්පූර්ණ කරන්න බැහැ.
අඟහරු ලොව උපන් පළමුවන දැරිය වූ මාෂි ආර්නෝල්ඩ් මෙන්ම, පෘථිවියේ පළමුවන දෙමුහුම් දැරිය වූ සීටා රෙකියුලේ ද මෙහි පුහුණුව ලබනවා. එපමණක් නොව ඓන්ද්‍රිය බුද්ධියෙන් ක්‍රියාකරන මානවරූපී රොබෝවරියක් වූ නෝරා ද මෙහි පුහුණුව ලබනවා. ඔවුන් සියලුදෙනා අයත්වෙන්නේ Homo spaciens පරපුරට. එහෙත් පාසලේ සිසුන් පමණක් නොව ගුරුවරුන් පවා ඔවුන් කවුරුන් දැයි දැන සිටියේ නැහැ.
විවිධ දුෂ්කරතා මැද දිවි ගෙවන මෙම සිසුන් අතර සිටි එක්තරා සිසුවෙකුගේ නොමනා ක්‍රියාකාරකම් හේතුවෙන් සමස්ත අඟහරු ප්‍රජාවම අනතුරට ලක්විය හැකි බව මාෂි දැනගන්නේ අහම්බෙන්. අඟහරු වාසීන් එම විනාශයෙන් මුදාගැනීමේ කාර්යය වෙනුවෙන් ඇයට හුදෙකලා සටනක් මෙහෙයවීමට සිදු වෙනවා.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.