Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ගැබිනි කතට ඔවදනක්

ගැබිනි කතට ඔවදනක්

About this book

ලොව උත්තරීතරම පදවිය වන්නේ මව් පදවියයි.සෑම මව්පිය යුවලකගේම පරම පැතුම පින්වන්ත වාසනාවන්ත නීරෝගි දරු සම්පතකි.එහෙත් නිසි උපදෙස් නොලැබීමෙන් විවිධ අපහසුතාවයන්ට ලක්වන මව්පියවරුන් අප සමාජයේ බහුලව දැකිය හැකිය.මෙකී සමාජ හිඩැස පුරවාලනු පිණිස ස්වකීය වෛද්‍ය වෘත්තිය තුළින් ලබාගත් අත්දැකීම් සිදු කර පර්යේෂණ ඇසුරින් අනාගත මව්වරුන්ට පිරිනැමෙන අගනා කෘතියක් ලෙස මෙම ග්‍රන්ථය හදුන්වාදෙනු කැමැත්තෙමි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ලංකා දසනායක මහතා විසින් රචිත මෙම කෘතිය සුවිශේෂි අත්දැකීම් සමුදායක එකතුවකි.රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයෙන් වෛද්‍ය උපාධියත් කොළඹ විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධියත් එංගලන්තයේ ප්‍රසව හා නාරිවේදී රාජකීය විද්‍යාලයෙන් ප්‍රශ්චාත් උපාධියත් ලබාගත් වෛද්‍ය ලංකා දසනායක මහතා දකුණු කොළඹ ශික්ෂණ රෝහලද සොයිසා කාන්තා රෝහල යන රෝහල් සහ කාසල් වීදියේ කාන්තා රෝහල යන රෝහල් වල අනුපමේය සේවයක් කර මේ වනවිට මහමෝදර ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙසද වෛද්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් කරනු ලබන්නේ අමිල සේවාවකි.

සියලු යුවතිපතින්හට මෙම කෘතිය වටිනා අත් පොතක් වනු ඇත. කතුවර වෛද්‍යතුමාගේ අධ්‍යාපන හා වෘත්තීය අත්දැකීම් තුළින් රචිත මෙම කෘතිය ඔවුන්ට විද්‍යාත්මක අවබෝධයක් ලබා ගැනීමට සහ ගර්බණී සමයේ ඇති ගැටලු විසඳාගැනීමට මෙය මහගු මහඟු අවස්ථාවකි. රටට සමාජයට වැඩ ඇති වාසනාවන්ත නිරෝගී දරු සම්පතක් බිහිකරන්නට මෙම පොත මහත් රුකුලක් වනු ඇත. ඉදිරි අනාගතයේදී මෙවන් අගනා නිර්මාණ තව තවත් කිරීමට වෛද්‍ය ලංකා දසනායක මහතාට ශක්තිය ලැබේවායි පතමි.

Details
ISBN
9789553121899
පිටු ගණන (Pages)
60
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: ගැබිනි කතට ඔවදනක්

Reviews are published once a member of our team has read them.