දරුවාගේ පෝෂණය ගැන දැනුවත් ද?
අති දක්ෂ ළමාරෝග විශේෂඥ වෛද්යවරියක් වන මනෝරි ගමගේ විසින් රචිත දරුවාගේ පෝෂණය ගැන දැනුවත්ද? පොත් පිංච කියවීමි.
කුඩා දරුවන් ඇති මව්වරුන් ඉලක්ක කොටගෙන ලියා ඇති මෙම පොත ඉතා සරලය, ඉතා හරවත්ය. එහි සඳහන් නිර්දේශ සියල්ල උචිතය. විද්යාත්මක සාක්ෂි මත පදනම් වූ නිරවද්ය නිර්දේශයන්ය. එසේම ඒ සියල්ලම වාගේ ඉතා ප්රායෝගිකය. සාමාන්ය නිවසක කළ හැකිය.
උපතේ සිට පෙර පාසැල් වයසේ පසුවන දරුවන්ගේ පෝෂණය හා නිසි මානසික සංවර්ධනයට අදාළ සියලු කරුණු මෙහි සැකෙවින් දක්වා ඇත. මෙම පොත් පිංච මව්වරුන් පියවරුන් පමණක් නොව ළමා පෝෂණය හා සෞඛ්යයට අදාළ සියලු වෘත්තිකයන්ට හා එම වෘත්තිය සඳහා පුහුණුවන ශිෂ්ය ශිෂ්යාවන් සඳහා ද මම නිර්දේශ කරමි.
මහාචාර්ය නාරද වර්ණසූරිය
ළමාරෝග විශේෂඥ වෛද්ය
සම්මානිත මහාචාර්ය, වෛද්ය විද්යා පීඨය, ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.