LOCKDOWN නොකළ සිතුවිලි

Special Price රු. 200.00 Regular Price රු. 250.00
In stock
SKU
lockdown-nokala-sithuwili-manori-gamage-godage

කොළඹ දේවි බාලිකා විද්‍යාලයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට පැමිණ වෛද්‍ය විද්‍යා පීඨයේ ප්‍රථම ශිෂ්‍ය කණ්ඩායමට එක් වූ මනෝරි ගමගේ දැන් ළමා රෝග විශේෂඥවරියකි. ළමා රෝග අධ්‍යයනාංශයෙහි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියකි. එහි අධ්‍යයනාංශ ප්‍රධාන වරිය ද ඇය යි.

ගත වූ කොරෝනා වසංගත කාලය විසින් ඇය කිවිඳියක බවට පත් කරනු ලැබ තිබේ. එවක ඇය ඇසු දුටු හද සසල කළ පුවත් ඇයගේ කවියෙහි වස්තු විෂය බවට පත් වී ඇත. සමාජයෙහි සිටින මිනිසුන් නොමිනිසුන් නිවැරදි ව හඳුනා ගත හැකි වන්නේ අභාග්‍ය සම්පන්න තත්ත්වයන් උදා වූ විට ය. මනෝරි ගමගේ ගේ කවිය ඔස්සේ ද අපට ඒ හඳුනා ගැනීම කළ හැකියි. ඇයගේ කවිය එබඳු මිනිසුන් ආදරයෙන් වැලඳ ගනී. නොමිනිසුන් තරයේ ප්‍රතික්ෂේප කරයි. මනෝරි ගමගේ වෙදකමට මෙන් ම කවිකමට ද දක්ෂතා ඇත්තියක බව මෙම Lockdown නොකළ සිතුවිලි වලින් ප්‍රත්‍යක්ෂ වේ.

 

මහාචාර්ය සුනිල් ආරියරත්න

Author වෛද්‍ය මනෝරි ගමගේ - Dr. Manori Gamage (2)
Publisher ගොඩගේ - Godage (441)
More Information
ISBN 9786240009348
පිටු ගණන 52
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:LOCKDOWN නොකළ සිතුවිලි
Back to Top