LOCKDOWN නොකළ සිතුවිලි
කොළඹ දේවි බාලිකා විද්‍යාලයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට පැමිණ වෛද්‍ය විද්‍යා පීඨයේ ප්‍රථම ශිෂ්‍ය කණ්ඩායමට එක් වූ මනෝරි ගමගේ දැන් ළමා රෝග විශේෂඥවරියකි. ළමා රෝග අධ්‍යයනාංශයෙහි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියකි. එහි අධ්‍යයනාංශ ප්‍රධාන වරිය ද ඇය යි.
ගත වූ කොරෝනා වසංගත කාලය විසින් ඇය කිවිඳියක බවට පත් කරනු ලැබ තිබේ. එවක ඇය ඇසු දුටු හද සසල කළ පුවත් ඇයගේ කවියෙහි වස්තු විෂය බවට පත් වී ඇත. සමාජයෙහි සිටින මිනිසුන් නොමිනිසුන් නිවැරදි ව හඳුනා ගත හැකි වන්නේ අභාග්‍ය සම්පන්න තත්ත්වයන් උදා වූ විට ය. මනෝරි ගමගේ ගේ කවිය ඔස්සේ ද අපට ඒ හඳුනා ගැනීම කළ හැකියි. ඇයගේ කවිය එබඳු මිනිසුන් ආදරයෙන් වැලඳ ගනී. නොමිනිසුන් තරයේ ප්‍රතික්ෂේප කරයි. මනෝරි ගමගේ වෙදකමට මෙන් ම කවිකමට ද දක්ෂතා ඇත්තියක බව මෙම Lockdown නොකළ සිතුවිලි වලින් ප්‍රත්‍යක්ෂ වේ.
මහාචාර්ය සුනිල් ආරියරත්න
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.