ගමනාන්තය
About this book
ඇගේ වරලසෙහි පහස ඔහුගේ නළලට දැනෙයි.ඇයගේ කම්මුල් සඳුන් සබන් සුවඳ ය.ඹහු ඇයගේ ගෙල පාමුල වූ අවපාතය සිප ගත්තේ ය.ඇයගේ සිරුරෙන් විහිඳුන සඳුන් සබන් සුවඳ ඔහුට ප්‍රිය සම්භාෂනයක් ම විය.''ඔයා හරි සුවඳයි.''ඔහු කීවේ ය.''මම එයාගෙ දාසයා වෙන්නම්. ඔයා මට කරන්න කියන ඕනැ දෙයක් මං කරන්නම්.මේ ලෝකේ තියෙන ඕනැම දෙයක් මම අරන් දෙන්නම්.ඔහු හැසිරුනේ මෝඩයෙකු පරිද්දෙනි.ඇය මොහොතක් ගත වෙනතුරු ම ඔහුගේ ස්පර්ශකාමනයට ප්‍රතිචාර දක්වන බවක් ද පෙනිණි.ඔහු ඇයගේ ලැම මත හිස තියාගෙන නිසොල්මනේ ම සිටියේ ය.මේ මොහොතේ මුවින් පිටවන වදනකින් පවා මේ දැන් දැනෙන පාරිශුද්ධත්වය කෙලෙසන්නට ඉඩ ඇති බව ඔහුට වැටහිණි.එය සහමුලින් ම අන්ධකාරයට අයිති රැයකි.ගහ කොළ,අතු ඉති සුළඟට සෙලවෙන හඬ ඇසේ.පළගැටියන්ගේ,නිශාචර කෘමීන්ගේ ඒකාකාර නාදය නොකැඩී,නොබිඳී ගලා යයි.තරු එළිය, සඳ එළිය ගැන යමක් කියන්නට ඔහුට උවමනා ය.එහෙත් ඔහුට දැනුණේ දිව සෙලවිය නොහැකි බවයි. මේ මොහොතේ ඔහුට දැනෙන එකම අර්ථවත් දෙය ඔහුගේ සිරුර අසල හුස්ම ගන්නා ඇයගේ සිරුර පමණි.
Details
ISBN
9786242040653
පිටු ගණන (Pages)
283
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review