ගණිතය ප්‍රශ්නෝත්තර - 6 ශ්‍රේණිය
මෙම ග්‍රන්ථය අප විසින් සකස් කරන ලද්දේ හැකි තරම් ගණිත ගැටළු ප්‍රමාණයක් නිවැරදිව නියමිත කාලයකදී විසඳීම සඳහා සිසුවාට මනා පුහුණුවක් ලැබෙන අයුරිනි. ගණිත ගැටළු විසඳීමේදී නිවැරදි භාවය මෙන්ම හැකි තරම් අඩු කාලයකදී වේගවත්ව නිවැරදි පියවර ගණනකින් සිදු කිරීමද වැදගත් වේ. මෙම ග්‍රන්ථ මාලාව අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය දක්වාම නව අධ්‍යාපන අරමුණු අනුව නව නිර්දේශයට අනුකූලව නව ප්‍රශ්න පත්‍ර රටාවට අනුව සකස් කර ඇත. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් ගණිතය විෂය සඳහා උසස් සාමාර්ථයක් ශිෂ්‍යයාට ලබාදීම මෙම පොත් පෙළේ අරමුණු වේ. විශේෂයෙන්ම උසස් පෙළ සඳහා ගණිත ධාරාව, ජීව විද්‍යා ධාරාව, තාක්ෂණ ධාරාව, වාණිජ්‍ය ධාරාව තෝරා ගැනීමට අපේක්ෂා කරන සිසුන් ගණිතය විෂය සම්බන්ධයෙන් උසස් දැනුමකින් යුක්තවීම අනිවාර්යය වේ. ගණිතය විෂය හොඳින් ප්‍රගුණ කළ හැක්කේ කට පාඩම් කිරීමෙන් නොව හැකි තරම් ගණිත ගැටළු ප්‍රමාණයක් ශිෂ්‍යයාට තනිවම විසඳීමට උත්සාහ කිරීමෙනි. මෙම පොත මගින් අවශ්‍ය තැන්හි විෂය කරුණු දැක්වීමත් වාර විභාග තුන සඳහා පෙර පුහුණුවක් ලෙස දැනුම උරගා බැලෙන ප්‍රශ්න පත්‍ර තුනක් ද ඇතුලත් ව ඇත. ශිෂ්‍යයා පළමුව මෙම පොත තනිවම කිරීමට උත්සය කළ යුතුය. අපහසු ගැටළු සඳහා පිළිතුරු පියවර අප ඉදිරිපත් කර ඇති අතර ගුරුභවතාගේ උපදෙස්ද ලබාගත හැක.
ගණිත ගැටළු ඉදිරිපත් කිරීමේදී මුලින්ම සරල ගැටළු ද ඉන්පසු තරමක් සංකීර්ණ ගැටළු ද ලෙස ක්‍රමානුකූලව ඉදිරිපත් කර ඇත. මෙම පොත පළමු වරට කිරීමේදී ඔබට අපහසු වන ගණිත ගැටළු ලකුණු කර තබා ගන්න. වාර විභාග ආසන්නයේ ඒවා නැවත නැවත විසඳීම තුළින් වඩා නිවැරදි පිළිතුරක් ලබා ගැනීමට හැකි වේ. පාසලේ දී අදාළ ගණිත කොටස් කරන විටම මෙම පොත ද සමාන්තරව කිරි ම අපේක්ෂා කරන අරත වාර විභාග ආසන්නයේ වඩාත් අපහසු ලෙස ඔබ සටහන් කරගත් ගණිත ගැටළු සහ අදාළ වාරයට තිබෙන අප විසින් සකස් කරන ලද ප්‍රශ්න පත්‍රය කිරීම පමණක් සෑහේ.
විෂය නිර්දේශයේ සෑම ඒකකයකටම අදාළ ගණිත ගැටළු, පිළිතුරු සහිතව ඉදිරිපත් කර ඇත.
අ.පො.ස (සා/පෙළ) විභාගයෙන් උසස් ගණිත සාමාර්ථයක් ලබාදීම අරමුණු කරගෙන අ.පො.ස (සා/පෙළ) ප්‍රශ්න රටාව ඉලක්ක කර සකසා ඇත.
පෙළපොතට අත් පොතකි.
වාර විභාග ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු ඇතුලත් ය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.