ගෑනු දෙන්නෙක්

Special Price රු. 990.00 Regular Price රු. 1,100.00
In stock
SKU
ganu-dennek-romana-banneheka-rasakatha-publishers

මෙවන්ට ටික වෙලාවක් වැටිලා ඉන්ට ඇරලා මම නානකාමරේට ගිහින් ශවර් එක ඇරියා. එහෙම්මම ශවර් එක යට හිටගෙන Bruce ගෙ I am on fire ප්ලේ වෙන්ට දැම්මා. මට ආයම වතාවක් තෙතම තෙත මේ ඇඟ අරන් ගිහින් මෙවන් ගෙ ඇඟ උඩට වැටෙන්නයි ඕන වෙලා තිබ්බෙ. ඇස් දෙක පියාගෙන මෙවන්ව මතක්කරගත්තා. මං ඉවර වෙන්නෙ නැති ශෘංගාරයක නතර වෙලා ඉන්නෙ කියලා විතරක් මට තේරුණා.

එයා එන්ට පටන් ගත්තට පස්සෙ සාලෙට වගේම බැල්කනියටත් ලා එළියක් තියන බල්බ් වැටුණා. මහ පාන්දරත් අපි දෙතුන් ගමන කෝපි බිබී බැල්කනියෙ වැටිලා හිටියා. ගෙදරදි අඩුවෙන් ඇඳුම් අඳින්ට පුරුදු උනා. එයා මගෙ ඇඟේ හැම සියුම් රේඛාවක්ම දිහා පාඩුවෙ බලන් හිටියා. පපුවෙන් පහළට බේරෙන කොණ්ඩ කැරලි අස්සේ මූණ හංගන් හිටියා.

සිකුරාදා හවස මෙවන් එනවා කියලා මැසේජ් එක දකිනකොට මගෙ ඇස් සතුටෙන් නටන්ට පුරුදු වෙලා හිටියා.

එහෙම සිකුරාදාවක,

"your face would look better between my legs..” කියලා මං මැසේජ් එකක් යැව්වා.

"babe, I swear I won't stop until your neighbours know my name...” ඉමෝජි ගොඩක් එක්ක පිළිතුරු ලැබුණා.

Author රොමානා බන්නැහැක - Romana Banneheka (3)
Publisher රසකතා ප්‍රකාශන - Rasakatha Publishers (40)
More Information
ISBN 9786246471338
පිටු ගණන 184
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ගෑනු දෙන්නෙක්
Back to Top