ගී මඬු පුරාණය
රමිත් චන්ද්‍රසේකරගේ ‘ගී මඬු පුරාණය’ නම් මෙම ග්‍රන්ථය නර්තනය සහ සාහිත්‍ය යන මාධ්‍ය දෙක එක් කෙරුණු අධ්‍යයනයක ප්‍රතිඵලයකි. පර්යේෂණ විධික්‍රම යොදා ගැනීම අතින් ගත් කල මේ පර්යේෂකයා ඉතා ඉදිරියෙන් සිටී. පර්යේෂකයෝ තම පර්යේෂණ සඳහා දත්ත එක් රැස් කිරීමේ විවිධ විධික්‍රම යොදා ගනිති. ඇතැම් පර්යේෂකයෝ ක්ෂේත්‍රයට ගොස් නිරීක්ෂණ හා සම්මුඛ සාකච්ඡා මඟින් දත්ත රැස් කරති. ඇතැම් පර්යේෂකයෝ ප්‍රාථමික මූලාශ්‍රය ග්‍රන්ථ ගවේෂණය කරති. ඇතැම් අය පුස්තකාලය ආශ්‍රයෙන් දත්ත සොයා ගනිති. රමිත් ඉහත කී තෙවැදෑරුම් විධික්‍රම ඇසුරින් තම පර්යේෂණය සඳහා දත්ත සොයා ගන්නා දියුණු පර්යේෂකයෙකුගේ ලක්ෂණ විදහා දක්වයි. මේ අතුරින් ඔහු සිදු කොට ඇති අත්පිටපත් අධ්‍යයනය ප්‍රශස්තය. මෙහිදී ඔහු දේශීය නර්තන සංස්කෘතියට ලැබුණු භාරතීය ආභාසය මැනවින් දක්වා ඇත. මෙය රංගකලාව සහ සාහිත්‍යය සම්බන්ධ උනන්දුවක් දක්වන විද්‍යාර්ථීන්ට, විශ්වවිද්‍යාලයීය මූලික උපාධි සහ පශ්චාත් උපාධි අපේක්ෂක-අපේක්ෂිකාවන්ට ඉතාම වැදගත් වන ග්‍රන්ථයකි.
- ආචාර්ය සුදේශ් මන්තිලක
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.