ඌවේ ඇදහිලි විශ්වාස
රමිත් චන්ද්‍රසේකර විසින් ඌවේ ප්‍රචලිත ඇදහිලි විශ්වාස ඇසුරින් සම්පාදිත මෙම ග්‍රන්ථය උදෙසා පසුවදනක් ලීවිමට ආරාධනා කිරීම වෙනුවෙන් බෙහෙවින් කෘතඥ වෙමි.මන්ද යත් ඌව ප්‍රදේශය යනු භූගෝලීය වශයෙන් මෙන්ම මානව වංශ ඉතිහාසය පිළිබඳව ද විමසීමේ දී වැදගත් දර්ශකයක් මෙන්ම ශ්‍රී ලංකාවේ ඓතිහාසික ජන පරිණාමයේ එක් පරිච්ජේදයක් සනිටුහන් කරන ප්‍රදේශයක් වන හෙයිනි.ඒ ඇසුරෙහි පිළිබිඹු වන අස්පර්ශ කලාංග අපගේ ජන සාහිත්‍ය, ජන ආගම මෙන්ම දේශීය සංස්කෘතියෙහි පැතිකඩක් ද නියෝජනය කරන බව කිව යුතුය.අද්‍යතන පර්යේෂණ කාර්යාවලියෙහි දී මෙවැනි ආනුභූතික අධ්‍යයන කෙරෙහි අපගේ පර්යේෂකයන් දක්වන නැඹුරුව ඉතා අල්පය.මෙම අධ්‍යනයෙහි ප්‍රමුඛ ලක්ෂණය වන්නේ රමිත් තම අරමුණ තහවුරු කිරිම සඳහා එම ප්‍රදේශයට ආවේනික වු ජනශුති, ආගම්, ඇදහිලි හා චාරිත්‍ර වාරිත්‍ර විධික්‍රම සමඟ විදේශ සංක්‍රමණික සහ සංචාරික ජනයාගෙන් ලැබී ඇති බලපෑමද විශ්ලේෂණය කිරීමයි.ඒ අනුව සමස්තය අධ්‍යනය කොට ඔහු විසින් අප වෙත ප්‍රදානය කරනු ලබන නව දැනුම අපගේ ඉදිරි පර්යේෂණ කටයුතු නව දිශානතියක් ඔස්සේ දියත් කිරීමට ද අවස්ථාව සලසා දෙන බව කිව යුතුයි.අප සමාජයෙන් කෙමෙන් තුරන් වන මාහැගි සංස්කෘතික ලක්ෂණ මෙමගින් ප්‍රතිෂ්ඨාපනය වන බවද කිව යුතුය.මෙම කෘතියෙහි අන්තර්ගත කරුණු සාරගර්භ අධ්‍යයන ධුරාවලියක නියමු ග්‍රන්ථය වේවායි ප්‍රාර්ථනා කරමි.
මහචාර්ය ප්‍රශාන්ති නාරංගොඩDetails
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.