Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / නීතිය / ගිවිසුම් නඩුකර
About this book

ගිවිසුම් නීතිය හුදෙක් ඉංග්‍රීසි බසින්ම පමණක් ග්‍රන්ථාරූඪ වී තිබෙන සමයක ලෝකයේ දියුණුම භාෂා 13 න් එකක් ලෙස තෝරාගනු ලැබූ අපේ මව් භාෂාව වන සිංහල භාෂාවෙන් පාඨකයිනට සමීප කරන ලෙස ප්‍රත්‍යන්ත ප්‍රදේශවල නීතිඥවරුන් කතුවරයාගෙන් කළ ඉල්ලීමක් පලදැරීමක් ලෙස මෙම ග්‍රන්ථය හැඳින්විය හැකිය.

මෙහිදී ගිවිසුම් නඩුකර ග්‍රන්ථය කොටස් තුනකින් ව්‍යුහාත්මක වෙනසකින් රචනා කොට ඇත. මෙහි මුල් පරිච්ඡේද 12 ගිවිසුම් නීතියේ මූලධර්ම ඉතා සරලව කාටත් වැටහෙන පරිදි ඉදිරිපත්කර ඇති අතර 13 වැනි පරිච්ඡේදය අනු

කොටස් 9 කට බෙදා බහුලව ප්‍රායෝගික ලෝකයේ භාවිතවන ගිවිසුම් වර්ග හා ඊට අදාළ නීති තත්ත්වයන් විවරණය කර ඇත. 14 වැනි පරිච්ඡේදය වෙන් වන්නේ ගිවිසුම් නඩුකර 7 ක ආදර්ශ පැමිණිලිපත් ඉදිරිපත් කිරීමටයි. ඒවා කණිෂ්ඨ නීතිඥවරුන්ට මෙන්ම පාඨක සැමටද එකාකාරව ප්‍රයෝජනවත් වනු නිසැකය. ඉක්බිතිව 15 වැනි පරිච්ඡේදයේ දැක්වෙන්නේ ගිවිසුම් කඩකිරීමට අදාළ විනිශ්චිත නඩුතීන්දු 191 ක් 2019 දෙසැම්බර් මස දක්වා යාවත්කාලීන කොට ඉංග්‍රීසි බසින් අන්තර්ගත කර ඇති උපග්‍රන්ථයයි.

මේනිසා 'ගිවිසුම් නඩුකර’ නමැති මෙම ග්‍රන්ථය නීති වෘත්තිකයන්ට, නීති සිසුන්ට හා නීතිය පිළිබඳ උනන්දුවක් දක්වන සාමාන්‍ය පාඨකයන්ටද එකසේ ප්‍රයෝජනවත් වන සරල සිංහලෙන් ලියැවුණු නීති ග්‍රන්ථයක් ලෙස හැදින්විය හැකිය. සිවිල් අධිකරණ වල නඩු කටයුතු සඳහා පෙනී සිටින නීතිඥවරයෙකු සහ JMC (ජයසේකර කළමනාකරණ මධ්‍යස්ථානයේ) ව්‍යාපාර නීතිය පිළිබඳ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස ද කටයුතු කරන කතුවරයා මීට පෙර සිංහලෙන් නීති ග්‍රන්ථ 29 ක් ලියා පළකර ඇති අතර ඒවා නීතිවේදීන් අතරින් සාමාන්‍ය පාඨකයන් අතරත් අතීශය ජනප්‍රිය විය. මෙම ‛භුක්තික නඩුකර' ඔහුගේ 30 වන නීති ග්‍රන්ථයයි.

ISBN
9789553118684
පිටු ගණන (Pages)
252
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ගිවිසුම් නඩුකර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.