ගුරු ගීතය ඔපෙරා ලිබ්‍රතෝව - The First Teacher Opera Libretto
About this book
සුමුදු පතිරාජයන්ගේ “ගුරු ගීතය ඔපෙරා ලිබ්‍රතෝව - ඔපෙරා භාෂණ අඬහැර අත්පොත” ප්‍රවර්ගගත කළ යුතු වන්නේ, කවර නම් සාහිත්‍ය-නෘත්‍ය-සංගීත ෂානරයක් තුළදැයි මම නොදනිමි. කෙසේ වතුදු, රුසියානු සහ ඉංගිරිසි පරිවර්තනයන්ගෙන්ද උපලක්ෂිතව සිංහල බසින් පළ වන මෙම වර්ගයේ මුල්ම පොත, මේ බැව් මට විශ්වාසය.
සැබැවින්ම, මෙම සුවිශේෂ කෘතිය හඳුන්වා දිය යුත්තේ කවරක් හැටියටද ?
එකී සන්දර්භයේදී මසිතට නිරායාසයෙන්ම නැගුණේ, පණ්ඩිත් අමරදේව නිතර නිතර උද්ධෘත කොට දැක්වූ ඩේවිඩ් රැන්ඩොල්ෆ් නමැති සුප්‍රකට සංගීත ශාස්ත්‍රවේදියාණන්ගේ මෙවදන්ය.
"වචනයකට යා හැකි දුර ගෙවා නවතින්නේ යම් තැනකද, එතැන සංගීතයේ උපත වන්නේය.” කිර්ගීස් සහ රුසියානු යන දෙබසින්ම සාහිත්‍යකරණයෙහි යෙදුණු චින්ගීස් අයිත්මාතෝව්ගේ “දුයිෂෙන්” නමැති, ගද්‍ය කාව්‍යයක් බඳු කෙටි නවකතාව, මෙසමයෙහි සාහිත්‍යවේදීන්ගේ පොදු අනුමැතියකින් මෙන් හැඳින්වෙනුයේ, "ගුරු ගීතය” යන අපර නාමයෙනි. ශිෂ්ට ලෝකයේ සියලුම භාෂාවලට නැඟී ඇති දුයිෂෙන් නවකතාව, මේ වන විට රුසියන් බසින් සිනමාවටද නැගී ඇත්තේය. දැදිගම රුද්රිගු සූරීනගේ සිංහල පරිවර්තනය ඇසුරු කරගෙන, එය මෑත භාගයේදී සිනමාවටද නැගුණි.
සුමුදු පතිරාජයන්ගේ අභීත ප්‍රයත්නය නම්, මහා ලේඛකයාගේ ගුරු ගීතය නම් වන ප්‍රබන්ධය හුදු නාටකයකට නොව, සංගීත-නාට්‍ය භාෂණයේ උපරිම තලය වන ඔපෙරාවකට නැගීමය. ඔහුගේ එම නිර්භය ප්‍රයත්නය හැඳින්විය යුතු වන්නේ, මහා ලේඛකයාගේ දුයිෂෙන් පිළිබඳ ගද්‍ය භාෂණය, ඔපෙරා සංගීතයට පරිවර්තනය කළ අවස්ථාවක් හැටියටය. ඉහත සඳහන් ඩේවිඩ් රැන්ඩොන්ග්ගේ වචනවලට අනුගතව ප්‍රකාශ කරනවා නම්, ඒ වූකලී, දුයිෂෙන් නවකතාවට යා හැකි උපරිම දුරය.
ඒ අතින් බලන විට අයිත්මාතෝව්ගේ සුවිශිෂ්ට සාහිත්‍ය කෘතියේ අපූර්වතම ප්‍රතිකථනය, සුමුදු පතිරාජගේ "ගුරුගීතය ඔපෙරා ලිබ්‍රතෝව” නමැති ඔපෙරා භාෂණ අඬහැර අත්පොත වනැයි මම අවංකව විශ්වාස කරමි.
මෙම ප්‍රතිභාසම්පන්න අපූර්වතර නෘත්‍ය-සංගීතවේදියාණන්ගේ සුවිශේෂ ව්‍යායාමය අපගේ නොමසුරු අගැයීමට සහ ප්‍රසංශාවට පාත්‍ර විය යුත්තේ එහෙයිනැයි පවසනු කැමැත්තෙමි.
කලාකීර්ති, ආචාර්ය ඩබ්ලියු.ඩී. අබේසිංහ
Details
ISBN
9786245578818
පිටු ගණන (Pages)
285
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review