ගුවන් සේවා නඩත්තු කළමනාකරණය
About this book
ගුවන් යානා නඩත්තු වැඩසටහන් කළමනාකරණයෙහි ලා පරිපූර්ණ මෙන් ම නුතන උපදෙස්වලින් සපිරි ග්‍රන්ථයකි
ගුවන් සේවා කර්මාන්තයෙහි ද ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනයෙහි ද (Federal Aviation Administration - USA) නවතම වෙනස්වීම් අන්තර්ගත කොට, පරිසමාප්ත ලෙස සංශෝධනය කරන ලද මෙම ග්‍රන්ථය, කාර්යක්ෂම මෙන් ම විශ්වාස්‍යතාවයෙන් ද අනූන වූ පිරිවැය ඵලදායි ගගන යානා නඩත්තු වැඩ සටහනක් ස්ථාපිත කොට පවත්වා ගෙන යා යුත්තේ කෙසේ දැයි විස්තීර්ණ ලෙස පැහැදිලි කරයි. ලොව සුපතළ එම්බ්‍රි - රීඩිල් (Embry-Riddle) ගගන යාත්‍රික විශ්වවිද්‍යාලයෙහි ඇදුරන් විසින් එක් ව රචනා කරන ලද ගුවන් සේවා නඩත්තු කළමනාකරණයෙහි දෙවැනි සංස්කරණය, නඩත්තුවට අදාළ මූලික සංකල්ප, ගුවන් සේවා සමාගම් නඩත්තු කළමනාකරණය, ගුවන් සේවා සුරක්ෂිතතාව, ක්‍රමානුකූල සැලසුම් සහ සාර්ථක මෙන් ම ඵලදායි නඩත්තු වැඩසටහන් වර්ධනය යනාදී විෂය පථයන් පෘථුලව ආවරණය කොට ඔබට පිරි නමයි.
කෙසේ දැයි දැනුවත් වන්න
- නඩත්තු සහ පිළිසකර සඳහා වන පිරිවැය පාලනය කරමින් සේවා ඇනහිටීම් අවම කරන අයුරු
- ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය විසින් පනවන ලද නියාමනයන්ට සහ ගුවන් සේවා කර්මාන්තයෙහි සහතික කිරීම්වලට සංසක්ත වන අයුරු
ඉංජිනේරුවම, නිෂ්පාදනය, සැලසුම් කිරීම සහ පාලනය යන අංශ සමග එක්ව වැඩ කරන අයුරු
මිකැනික්වරුන්, තාක්ෂණ ශිල්පීන්, තත්ත්ව පාලන පරීක්ෂකවරු සහ තත්ත්ව සහතික විගණක පාලකයින්ට අවශ්‍ය පුහුණුවීමේ අවශ්‍යතාවන්
- නඩත්තු වැඩසටහනට අදාළ වූ ගැටලු සහ ප්‍රවනතාවන් හඳුනා ගැනීම සහ අධික්ෂණය කරන අයුරු
- නඩත්තු උදෙසා ද්‍රව්‍යමය පිටු බලය සපයන අයුරු
- ක්ෂේත්‍ර සහ හැංගර නඩත්තු කළමනාකරණය අයුරු
- තත්ත්ව සහතිකය, තත්ත්ව පාලනය, විශ්වස්‍යතා ප්‍රමිතීන් සහ සුරක්ෂිතතාවයෙහි ප්‍රමුඛස්ථානය වෙත පැමිණ එහි රැඳී සිටින අයුරු
Details
ISBN
9789556812886
පිටු ගණන (Pages)
538
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review