හිමිවූවාට වඩා වෙන්වූ ප්‍රේමය සදාකාලික බව අසා තිබුනද එය එසේම බව වැටහෙන්නේ අප සිත්වලටද එය දැනෙන්නට පටන්ගත් කල්හීය.
̋වෙන්වී ගියවුන් සදා පෙමිවතුන් ලෙස ජීවත් වෙනි” ලූශන් බුලත්සිංහලයෝ ලියා තැබූහ.
මිනිස් සන්තානයේ හට ගන්නා සිතුවිලි වටහා ගැනීම ලෙහෙසි පහසු නොවේ. අපට දැනෙනා අයුරින් පමණක් ඒවාට අරුත් සැපයීම ද කළයුතු නොවේ. ඒ, එබඳු චිත්තවේග අඳුනන්නේ ඒවා හටගත් සිත්ම පමණත් බැවිනි.
අනුත්තර මේ කතාව මා සමග කීවේ ඔහුගේ සිත නිදහස් කර ගැනීමටද නැතහොත් කවි, ගී පදවල ලියැවුනු ප්‍රේමය සැබවින්ම පවතිනා බව ඇඟවීමටද කියා මට අදටත් තෝරා බේරා ගත නොහැකිය. ඉමන්දී ලිවීමට පොරොන්දු වූ නමුදු කිසිදා නොලියූ ඔවුන්ගේ කතාව ලියන්නැයි ඔහු නොකීවද ඒ ඉල්ලීම ඔහුගේ දෑසේ තිබූ බව නම් මා හොඳාකාරවම දුටුවෙමි.
නමත් ගමත් වෙනස් කර යම් සිදුවීම් කීපයක් පමණක් අතින් නිර්මාණය කරමින් මම ඔවුන්ගේ කතාව ලියූවෙමි.
ඉතින්... මේ ඔවුන්ගේ කතාවයි. නමත් ගමත් පමණක් මනඃකල්පිත වූ ”අනුත්තර - ඉමන්දී” කතාවයි. වෙන්වී ගිය තවත් සුවහසක් පෙම්වතුන්ගේ කතාවයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.