Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / හතළිස් එක්වැන්නා

හතළිස් එක්වැන්නා

ප්‍රකාශක (Publisher): M.D. ගුණසේන - M. D. Gunasena
About this book

රුසියානු තානාපතිතුමාගෙන්

විශ්ව සාහිත්‍ය තුළ රුසියානු සාහිත්‍යයට හිමිව ඇත්තේ අද්විතීය ස්ථානයකි. විශේෂයෙන්ම රුසියානු සාහිත්‍ය ශ්‍රී ලාංකිකයන් අතර මහත් ජනප්‍රියතාවක් ඉසීලීමට සමත් වූ සාහිත්‍ය කලාවක් වේ.

දශක ගණනාවක් පුරා රුසියානු සාහිත්‍යයට ආදරය හා ගෞරව කරන ශ්‍රී ලාංකික ජනතාවට රුසියානු හා සෝවියට් සාහිත්‍ය කෘති සිංහල සහ දෙමළ භාෂාවන්ට පරිවර්තනය කිරීම හරහා ඒවා දිගුකාලයක් පුරා අධ්‍යයනය කිරීමට අවස්ථාව ලැබූණි. මෙම පරිවර්තනය මොස්කව්හිදී, දේශීය පරිවර්තකයින්ගේ සහයෝගයෙන් සිදුකරන ලදී. මෙම දැවැන්ත සාහිත්‍ය සංස්කෘතික ව්‍යාපෘතිය වර්තමාන කාලයේදී මන්දගාමී වී තිබුණ ද කොළඹ රුසියානු මන්දිරයේ ‛රුසියානු සාහිත්‍ය කවය’ මගින් එය නැවත පණගැන්වීමට ගත් උත්සාහය මගින් රුසියානු සාහිත්‍ය සඳහා කැපවූ ශ්‍රී ලාංකික රසිකයන් අතර නැවත උනන්දුවක් උද්දීපනය කිරීමට සමත්ව ඇත.

රුසියානු සාහිත්‍ය කවය මොස්කව්හි මුද්‍රණය කර ඇති සාහිත්‍ය කෘති, සිංහලයට පරිවර්තනය කර නැවත ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරමින් සිටී. මෙම කෘතිවල ගුණාත්මක බව ඉහළ නංවා සාධාරණ මිලකට විශාල ප්‍රේක්ෂක පිරිසකට ඒවා ලබා දීම ඔවුන්ගේ අරමුණයි. ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ අධ්‍යාපන, විද්‍යාත්මක සහ සංස්කෘතික සහයෝගීතා අංශය හරහා කොළඹ රුසියානු මන්දිරයේ සහය ඇති, මෙම ව්‍යාපෘතිය ඉතා උතුම් කාර්යයක් වන අතර එය සාර්ථක කර ගැනීමට මාගේ සියලු උපකාර ලබා දීමට කැමැත්ත පළකර සිටිමි.

මොස්කව්හි මුල්වරට ප්‍රකාශයට පත් කර ඇති හතළිස් එක්වැන්නා නැවත මුද්‍රණයට පත් කිරීම භාරගෙන ඇති ඇම්.ඩී.ගුණසේන සහ (පුද්ගලික) සමාගමට මගේ කෘතඥතාව පළකර සිටිමි. රුසියානු සාහිත්‍ය හා සංස්කෘතිය ගැන උනන්දුවක් දක්වන සියලුම දෙනාට රුසියානු භාෂාව ඉගෙන ගන්නා ලෙස මම ඉල්ලා සිටිමි. එවිට ඔවුන්ට මූලාශ්‍ර කෘති කියවා අධ්‍යයනය කර ඒවා ඔවුන්ගේ මව් භාෂාව වන සිංහල සහ දෙමළ භාෂාවට පරිවර්තනය කිරීමේ හැකියාවද වර්ධනය කර ගැනීමට හැකි වේ. ඉදිරියේදී නවතම සාහිත්‍ය කෘති රැසක් මෙම ව්‍යාපෘතිය යටතේ බිහිවනු ඇත. මේ වෙනුවෙන් අපගේ හෘදයංගම ශුභාශිංසන පිරිනමන්නේ ඉතාමත් සතුටිනි.

Details
ISBN
9789552133220
පිටු ගණන (Pages)
76
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: හතළිස් එක්වැන්නා

Reviews are published once a member of our team has read them.