හේමන්තයේ මැදියම
බෙනිටෝ පියතුමාට අනුව කොන්සෙප්ෂියොන් තවමත් කඩිසරය. නමුත් දැන් ඇගේ සිරුර ගිලා බැස හැකිළී තිබේ. ඇය වඳුරෙකු මෙන් රැළි ගැසී සිටියාය. ඇය නිතරම සෙමෙන් යාඥා කරමින් තැන තැන ගිය නිසා, ඇයට උමතුවක් වැළඳී ඇතැයි අනෙක් අය සිතූහ. එය ඇයට වාසියක් වූයේ ආරක්‍ෂක මුදල් ගෙවන ලෙස ඇයට කිසිවෙකු තවදුරටත් නොකී බැවිනි. ඇයට පාඩුවේ ඉන්නට ලැබිණ. සෑම සති දෙකකටම වරක් කොන්සෙප්ෂියොන් තම මිණිබිරියට, බෙනිටෝ පියතුමාගේ දුරකථනයෙන් ඇමතුමක් දුන්නාය. තම මිණිබිරිය තමන් හට තමා සමග ජීවත් වීමට පැමිණෙන ලෙස කෙතරම් ඇවිටිලි කළද, එය අප්‍රසන්න අදහසක් ලෙස කොන්සෙප්ෂියොන් බැහැර කළාය.
යම් දිනෙක මිණිබිරිය තමා බැලීමට ඒවි යැයි විශ්වාසයක් කොන්සෙප්ෂියොන් තුළ තිබිණ. නමුත් මෙම මොහොත කිසිදා නොපැමිණෙන බවද කොන්සෙප්ෂියොන් තේරුම් ගෙන තිබුණි.
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.