හිනැහෙන වෙස්මුහුණු
දයා ඩී. ෆොන්සේකා මට මුලින්ම හඳුනාගන්නට ලැබෙන්නේ 80 දශකය මැද භාගයේ ‘මුතුහර’ සඟරාවට පරිවර්තන ලිපි සපයන්නෙකු ලෙසිනි. විවිධ සඟරාවන්හි ඉංග්‍රීසි බසින් පළ වූ ලිපි සිංහලයට පරිවර්තනය කිරීමේ මනා දක්ෂතාවක් ඔහු සතු වූයේය. 1990 - 2002 අතර කාලයේ ‘මුතුහර’ සඟරාවේ සංස්කාරකවරයා ලෙස කටයුතු කරද්දී ඔහුගෙන් වැඩි දායකත්වයක් සඟරාවට ලබා ගන්නට අප පෙළඹුණේ ඔහුගේ එම දක්ෂතාව නිසාය.
‘මුතුහර’ට පමණක් නොව ඔහු මෙරට බොහෝ පුවත්පත්වලටද පරිවර්තන ලිපි සැපයුවේය. ඊළඟට දයා අපට ලේක්හවුස් ආයතනයේදී හමුවන විට ඔහු 'සිළුමිණ' පුවත්පතේ කර්තෘ මාණ්ඩලිකයෙක් ලෙස කටයුතු කරමින් සිටියේය. ඔහු අතින් ඉංග්‍රීසි නවකතා කිහිපයක්ම සිංහලයට පරිවර්තනය වී පාඨකයන් අතට පත්වූයේද ඒ සමකාලීනවය.
කුමාර සිරිවර්ධන
නි. කර්තෘ 'සිළුමිණ',
සංස්කාරක 'දැනමුතු' සඟරාව
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.