Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / හිරුමඬල

හිරුමඬල

ප්‍රකාශක (Publisher): කර්තෘ ප්‍රකාශන - Self Published
ප්‍රවර්ග (Genre): ළමා සාහිත්‍යය
About this book

වචනයක් !

සියලු වෘත්තීන්හි පිය වෘත්තිය ගුරු වෘත්තිය යි. ගුරු භූමිකාවෙන් තොර වූ විද්‍යාවක් නොමැත. තමන් ම සපුරාගත් දහම ගුරු තන්හි තබාගත් බුදුන්වහන්සේ ගුරු භූමිකාව යනු හුදු පුද්ගල භාවයක් නොවන බැව් පෙන්වා දුන්හ. එබඳු සහජ ගුරු භූමිකාවක් හෙබවූ මේ ග්‍රන්ථයේ කතුවර ආරියරත්න මහතා මට හමු වන්නේ මා ඇහැළියගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ සිසුවෙකු ව උසස් පෙළ හදාරන අවධියේ දී ය. එදා එතුමා සතු වූ ඉගැන්වීමේ කෞෂල්‍යයත්, විද්‍යානුකූල චරණයත්, මිත්‍රශීලීත්වයත්, ශාස්ත්‍රදානයේ ලෝලීත්වයත් පැසසුම් කටයුතු ය. ඉසුඹුලෑමෙන් පසු ව ජීවිතයේ සැඳෑ ඉර එළිය විඳිමින් ඔහු අතින් සංගෘහිත ‘හිරුමඬල’ කෘතිය, භූ ගෝල විද්‍යා ක්‍ෂේත්‍රයට මතු නොව දැයේ සියලු දරුවනට ඉර සේවයකි.

සුමින්ද කිත්සිරි ගුණරත්න

භූගෝල විද්‍යාව යනු ලොව පැරණි ම දැනුම් ක්‍ෂේත්‍රයකි. ආදි මානවයා, පොළොවේ සහ අහසේ ස්වභාවය මැනුම් පදනම්න් හඳුනා ගැනීමට ගත් වෑයම මෙහි මූලාරම්භය යි. සෑම ශාස්ත්‍රයකට ම පීතෘ විෂයයක් ලෙස හඳුන්වා දිය හැකි භූගෝල විද්‍යාවට අදාල මූලික දැනුම සරළ සිංහල බසින් දැයේ දරුවනට ලබා දීම ඉතා වැදගත් වේ. ඒ සඳහා රචිත කෘතියක් ලෙස හිරුමඬල හඳුන්වා දිය හැකි ය. මෙම කෘතිය ව්‍යක්ත භාෂාවකින් දරුවන්ගේ රුචියට ගැළපෙන පරිදි රචිතය. 'හිරුමඬල’ දැයට දායාද කරන විශ්‍රාමික භූ ගෝල විද්‍යා ආචාර්ය ආර්යරත්න මහතා ඉටු කරන්නේ ජාතික මෙහෙවරකි. සඳමඬල, මිහිමඬල, ආදී ග්‍රන්ථ මාලාවක ආරම්භක ග්‍රන්ථය පළ කෙරෙන මේ මොහොතේ ඔහුට අපගේ සුභාශිංසනය හිමිවේ.

ISBN
9789555272223
පිටු ගණන (Pages)
22
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: හිරුමඬල

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.