හිරුමඬල

Special Price රු. 120.00 Regular Price රු. 150.00
In stock
SKU
hirumadala-a.v.ariyarathna-kathru

වචනයක් !

සියලු වෘත්තීන්හි පිය වෘත්තිය ගුරු වෘත්තිය යි. ගුරු භූමිකාවෙන් තොර වූ විද්‍යාවක් නොමැත. තමන් ම සපුරාගත් දහම ගුරු තන්හි තබාගත් බුදුන්වහන්සේ ගුරු භූමිකාව යනු හුදු පුද්ගල භාවයක් නොවන බැව් පෙන්වා දුන්හ. එබඳු සහජ ගුරු භූමිකාවක් හෙබවූ මේ ග්‍රන්ථයේ කතුවර ආරියරත්න මහතා මට හමු වන්නේ මා ඇහැළියගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ සිසුවෙකු ව උසස් පෙළ හදාරන අවධියේ දී ය. එදා එතුමා සතු වූ ඉගැන්වීමේ කෞෂල්‍යයත්, විද්‍යානුකූල චරණයත්, මිත්‍රශීලීත්වයත්, ශාස්ත්‍රදානයේ ලෝලීත්වයත් පැසසුම් කටයුතු ය. ඉසුඹුලෑමෙන් පසු ව ජීවිතයේ සැඳෑ ඉර එළිය විඳිමින් ඔහු අතින් සංගෘහිත ‘හිරුමඬල’ කෘතිය, භූ ගෝල විද්‍යා ක්‍ෂේත්‍රයට මතු නොව දැයේ සියලු දරුවනට ඉර සේවයකි.

සුමින්ද කිත්සිරි ගුණරත්න

භූගෝල විද්‍යාව යනු ලොව පැරණි ම දැනුම් ක්‍ෂේත්‍රයකි. ආදි මානවයා, පොළොවේ සහ අහසේ ස්වභාවය මැනුම් පදනම්න් හඳුනා ගැනීමට ගත් වෑයම මෙහි මූලාරම්භය යි. සෑම ශාස්ත්‍රයකට ම පීතෘ විෂයයක් ලෙස හඳුන්වා දිය හැකි භූගෝල විද්‍යාවට අදාල මූලික දැනුම සරළ සිංහල බසින් දැයේ දරුවනට ලබා දීම ඉතා වැදගත් වේ. ඒ සඳහා රචිත කෘතියක් ලෙස හිරුමඬල හඳුන්වා දිය හැකි ය. මෙම කෘතිය ව්‍යක්ත භාෂාවකින් දරුවන්ගේ රුචියට ගැළපෙන පරිදි රචිතය. 'හිරුමඬල’ දැයට දායාද කරන විශ්‍රාමික භූ ගෝල විද්‍යා ආචාර්ය ආර්යරත්න මහතා ඉටු කරන්නේ ජාතික මෙහෙවරකි. සඳමඬල, මිහිමඬල, ආදී ග්‍රන්ථ මාලාවක ආරම්භක ග්‍රන්ථය පළ කෙරෙන මේ මොහොතේ ඔහුට අපගේ සුභාශිංසනය හිමිවේ.

Author ඒ.වී.ආරියරත්න - A.V. Ariyarathna (3)
Publisher කර්තෘ ප්‍රකාශන - Self Published (699)
More Information
ISBN 9789555272223
පිටු ගණන 22
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:හිරුමඬල
Back to Top