Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / පුද්ගලයා, සමාජය හා අපේක්ෂා

පුද්ගලයා, සමාජය හා අපේක්ෂා

About this book

ගුරු උපදේශකවරයෙකු වශයෙන් හා වසර 32ක පමණ කාලයක් පාසල් ආචාර්යවරයෙකු වශයෙන් සේවය කළ ඒ.වී. ආරියරත්න මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිධරයෙකි. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි හා බාහිර විභාග අධ්‍යයන මධ්‍යස්ථානයෙන් පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත් (PGD), බෞද්ධ අධ්‍යයන ශාස්ත්‍රපති උපාධියත් (MA) පිළිවෙළින් හදාරා මේ වන විට විශ්‍රාම සුවයෙන් පසුවන මෙතුමා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් දර්ශනපති (Mphil) උපාධිය හදාරමින් සිටියි.

මහනුවර රාජධානිය, හිරු මඬල (ළමා), අපේ අතීත විත්ති, සිරි දළදා පූජා වරුණ සහ 6 11 දක්වා ඉතිහාස ප්‍රශ්නෝත්තර සංග්‍රහ යන ග්‍රන්ථ සම්පාදනය කළ ආරියරත්න මහතා 2019 වර්ෂයේ දී පුද්ගලයා, සමාජය හා අපේක්ෂා යන මෙම ග්‍රන්ථය අධ්‍යාපන අමාත්‍යංශයේ ද අනුමැතිය සහිත ව පාඨකයාට ප්‍රදානය කරයි. වසර ගණනාවක් තුළ ලබන ලද ස්වකීය ජීවන අත්දැකීම් හා සූත්‍රපිටකාගත තොරතුරු පරිචය කර ගනිමින් වර්තමාන සමාජයට සාමාජීය වටිනාකම් පිළිබඳ අවබෝධයක් ලබාදීම විෂයෙහි සම්පාදනය කරන ලද ග්‍රන්ථයක් වන මෙය ශාස්ත්‍රෝන්නතිකාමී සැමට හස්තසාර වූවකි.

 

ISBN
9789555272247
පිටු ගණන (Pages)
142
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පුද්ගලයා, සමාජය හා අපේක්ෂා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.