Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / හිතුවක්කාරයා - සමන් පුෂ්ප ලියනගේ

හිතුවක්කාරයා - සමන් පුෂ්ප ලියනගේ

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

1920 ගණන්වල මැද භාගයේ ළාබාල ඩැනී ෆිෂර් සහ ඔහුගේ යුදෙව් පවුලේ උදවිය එවකට අලුතෙන් නිවාස ඉදිවෙමින් පැවති බෲක්ලින් ප්‍රදේශයේ, මනරම් අලුත් නිවාසයක පදිංචියට පැමිණෙති. වසර කිහිපයකින් අනතුරුව නිව්යෝර්ක් නගරයේ මහා ආර්ථික අවපාතය ඇරඹෙන අතර තම පවුලේ උදවියගේ ජීවිකාව ගෙන යාමට උපකාර කරනු පිණිස බොක්සින් ක්‍රීඩාවට දැක්වූ අති මහත් දක්ෂතාව භාවිතා කිරීමට ඩැනීට සිදුවේ.

ටික කලෙකින් අලුත් නිවාසය අහිමි වී, නගර මධ්‍යයේ පිහිටි අවලස්සන මහල් නිවාස කොටසක පදිංචියට එන්නට ඔවුනට සිදුවේ. සිය පියාගේ විරෝධතා මැද ඩැනී, කතෝලික ඉතාලි කෙල්ලක ඇසුරු කරයි. සදාචාරාත්මක අදහස් නිසා ඩැනීගේ පියා බොක්සින් තරඟවල යෙදීම ගැනද විරෝධය දක්වයි. පිය පුතු ප්‍රතිවිරෝධය එතැනින් ඇරඹේ.

බොක්සිං නිපුණතාවය හේතුවෙන් ඩැනී මැරවරයන්ගේ ආකර්ෂණය දිනා ගනී. ඔහුට පහසුවෙන් ජය ගත හැකිව තිබූ ගෝල්ඩන් ග්ලව්ස් ශූරතාවයේ අවසාන සටන පාවා දී පරදින ලෙස ඉල්ලා මැර ඔට්ටුකරුවකු ඔහුට විශාල මුදලක් පිරිනමයි. දරිද්‍රතාව මධ්‍යයේ ඩැනී එම අල්ලස පිළිගනීද? ජය ගත හැකි ශූරතාව හිතාමතා පරදීද? 1952 දී හැරල්ඩ් රොබින්ස් ලියූ Stone for Danny Fisher නවකතාව, අපගේ කාලයටත් දීපයටත් හොඳින් ගැළපෙන්නකි.

ISBN
9786246585754
පිටු ගණන (Pages)
288
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: හිතුවක්කාරයා - සමන් පුෂ්ප ලියනගේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.