හවුස්මේඩ් 3
අතීතය පහුකරලා මං දැන් සෑහෙන දුරක් ඇවිත්. ඒ දේවල් ඒ විදිහටම වැළලිලා තියෙන්න මං ඕන දෙයක් කරනවා.
දැන් මට අලුත් ගෙයක් තියෙනවා. අලුත් අසල්වැසියො ඉන්නවා.
අපේ අලුත් අසල්වැසියා රෑ කෑම වේලකට අපිට ආරාධනා කරපු වෙලාවේ, ගෙදර දොර ඇරියේ එයාලගේ ගෘහ සේවිකාව. සුදු පාට ඒප්රනයක් ඇඳගෙන, කොණ්ඩේ පිළිවෙළට බැඳගෙන හිටිය එයා දිහා බලද්දි මට දැනුණේ කණ්ණාඩියකින් මූණ බලනවා වගේ හැඟීමක්. එයා හැඟීම් විරහිත බැල්මකින් මං දිහා බලාගෙන හිටිය විදිහට මගේ මුළු ඇඟම සීතල වෙලා ගියා.
මෙහේ සිද්ධවුණු අමුතුම දේ ඒක විතරක් නෙවෙයි. මට හොඳටම විශ්වාසයි, කවුරුහරි හෙවණැලි අතරේ ඉඳන් අපි දිහා බලාගෙන ඉන්නවා කියලා. මගේ මහත්තයා මහ රෑ ගෙයින් එළියට යනවා. ඒ එක්කම තවත් ගෑනු කෙනෙක් කිව්ව කතාවක් නිසා මගේ ඇඟම වෙවුලලා ගියා. ඒ තමයි මේ අවට අසල්වැසියන්ගෙන් පරෙස්සම් වෙන්න කියන එක.
මගේ පරණ, අඳුරු රහස් සදහටම වැළලිලා තියෙයි කියලයි මං හිතුවේ. ඒත් මේ නිහඬ, සාමකාමී වීදිය ඒ හැමදේටම වඩා භයානක වෙන්න පුළුවන්ද?
ගැහැනියක් තමන් වෙනුවෙන්, තමන්ගේ පවුල වෙනුවෙන් බොහොම පරෙස්සමට ගොඩනගාගත්ත ජීවිතය රැකගන්න ඒ ගැහැනියට මොනවද කරන්න බැරි?
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.