Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සිරකරු
About this book

වසර එකොළහකට පෙර, බෲක් සලවන් මරණයෙන් බේරුණේ අනූ නවයෙනි. ඇගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කළ එම බිහිසුණු රාත්‍රියේ ඇසින් දුටු සාක්ෂි මත පදනම්ව, ඇගේ පෙම්වතා වූ ශේන් නෙල්සන්ව සිරගත කෙරිණි. දැන් බෲක් නැවතත් සිය උපන් ගමට පැමිණ ඇත. ඇය එහි අධි ආරක්ෂිත බන්ධනාගාරයක හෙදියක ලෙස සේවයට බැඳෙයි. එහිදී ඇයට එක් රීතියක් අකුරටම පිළිපැදීමට සිදුවේ:

“කිසිවිටෙකත් සිරකරුවන් සමඟ පෞද්ගලික සබඳතා පවත්වන්න එපා."

නමුත් බෲක් හට එම රීතිය කැඩීම වැළැක්විය නොහැක. මන්ද, ෂේන් නෙල්සන් එම බන්ධනාගාරයේම සිරගතව සිටින බැව්නි. ඔහු තවමත් පවසන්නේ තමන් නිවැරදිකරු බවයි. ඔහු පවසන්නේ එදා රාත්‍රියේ සැබෑ අපරාධකරු තවමත් නිදැල්ලේ සිටින බවයි.

බෲක් වටා යටපත්ව තිබූ රහස් යළිත් හිස ඔසවන්නට ගනියි. ඇය වසර ගණනාවක් විශ්වාස කළ දේ සත්‍යයක් ද? නැතිනම් ඇය සිරකරුවකුගේ දැලකට හසුවී අවසාන ද?

ඔබ වඩාත්ම බිය විය යුත්තේ බන්ධනාගාරයේ සිටින සිරකරුවාට ද, නැතිනම් ඔබ අසලම සිටින පුද්ගලයාට ද?

ISBN
9786246585594
පිටු ගණන (Pages)
320
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සිරකරු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.