Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ඉරිඟු හොරා - නයිජීරියානු ජනකතා

ඉරිඟු හොරා - නයිජීරියානු ජනකතා

About this book

නයිජීරියානු ජන කතා සංග්‍රහයක් සිංහලයට නැගෙන ප්‍රථම අවස්ථාව මේ ය යි මගේ විශ්වාසය යි. නයිජීරියාව ජන කතා සාගරයක් ලෙස හැඳින් වෙයි. ඒ තරම් ම ජන කතා රාශියක් එ රට එක් එක් ගෝත්‍ර අතර බිහි වී තිබේ. අවුරුදු දහස් ගණනක පැරණි ඉතිහාසයක් සහිත සාම්ප්‍රදායික ජන කතා දහස් ගණනක් එරට එක් එක් ප්‍රාන්තවල විසිරී පවතී. මුල් කාලවල දී මේ එක් එක් ප්‍රාන්ත එක් එක් ගෝත්‍රවල රාජධානි වී තිබුණි. ප්‍රාන්ත නායකත්වය, පාරම්පරික උරුමය අනුව ගෝත්‍ර නායකයාට හිමි විය. එක් ප්‍රාන්තයක බොහෝ විට එක් ගෝත්‍රයකට අයිති ජනයා පමණක් වාසය කළ අතර එම ප්‍රාන්තය තුළ ඔවුන් ගේ ම ය යි කිව හැකි සංස්කෘතියක් හා සිරිත් විරිත් සමූහයක් නැගී තිබුණි. ඔවුන් අතර පවතින ජන කතා, සුරංගනා කතා හා පුරාවෘත්ත ආදී සියල්ල ම බිහි වූයේ ඔවුන් ගේ ගෝත්‍රික ඉතිහාසය, ගෝත්‍රික නායකයින් හා සංස්කෘතිය ඇසුරු කරගෙන ය.

ISBN
9789556970753
පිටු ගණන (Pages)
182
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඉරිඟු හොරා - නයිජීරියානු ජනකතා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.