Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / යොවුන් නවකතා - / ඉරුගලතැන්න

ඉරුගලතැන්න

About this book
බුවනෙක වන්නිආරච්චි විසින් ලියන ලද ඉරුගලතැන්න යොවුන් නවකතාව තරුණ පරපුරට ආදර්ශවත් කතා පුවතකින් යුතු නිර්මාණයකැයි මම සිතමි.නිසරු භූමි භාගයක යැයි බොහෝ දෙනෙකු සිතූ පාළු ඉඩමක් උත්සහයෙන්, දෑතේ වීර්යයෙන් ධාර්මිකව සරු සාර පොළවක් බවට පත් කරන සුනීත පොඩි හාමුදුරුවන්, පණ්ඩුක, යෝගරාජා, සංඛ, අසිත යන මෙහි එන සියලු ළමා චරිත ළමයින්ට, ගැටවරයන්ට, තරුණයන්ට ගෙන එනුයේ ආදර්ශයක් මැයි.උත්සහයෙන් වෙර වීරියෙන් කැපවීමෙන් ධර්මික බවෙන් සාධාරණත්වයෙන්, මානව දයාවෙන් සුදුස්සන්ට සුදුසු තැන් පැවරීමෙන් එකාවන්ව සමගි සම්පන්නව ක්‍රියාකිරිමෙන් පරිභෝජනවාදී සමාජ සන්ධර්භයක් තුල පවා යහපත් සමෘද්ධීමත් රටක් බිහිකළ හැකියි යන දේශපාලන දෘෂ්ඨිය මේ යොවුන් පබඳෙහි යටිපෙළෙන් දැකිය හැකියි.එහිදි ජනවාර්ගිකභේද පවා නොසිතා සුදුස්සන්ට සුදුසු තැන ලබා දිය යුතුයි යන දාෂ්ඨිය මෙමගින් බුවනෙක ගැටවරයන්ගේ සිත් තුළට කාවද්දයි.තෘෂ්ණාවේ ආදීනව අල්පේච්චතාව හා කිසිම දෙයකට නොඇලීමේ බෞද්ධ ජීවන දෘෂ්ඨිය මෙහි කුළුගැන්වී ඇත.

අද අපට සාරවත් යොවුන් සාහිත්‍යයක් දකින්නට නැත.එකල මාර්ටිං වික්‍රමසිංහ,වී. ඩී.ද ලැනරෝල්, ටී.බි.ඉලංගරත්න, දොන් පීටර් පියතුමා,ගුණදාස ලියනගේ,ලෙටීෂියා බොතේජු, කුලසේන ෆොන්සේකා, ලාල් ප්‍රේමනාත් ද මැල්, ස්වර්ණලතා කිරිවත්තුඩුව යනාදි ලේඛක ලේඛිකාවෝ යොවුන් සාහිත්‍යයක් ගොඩනංවනු පිණිස වෙසෙස් මෙහෙවරක් ඉටු කළහ.එහෙත් ඔවුන්ගේ ඇවෑමෙන් පසුගිය දශකය පමණ කාලයේ මේ වර්ගයේ සාරවත් නිර්මාණවල හිඟයක් පැවතිණ.යොවුන් සාහිත්‍යයේ ව්‍යාජයෙන් පැමිණි බොහෝ පොත්වලින් පිලිබිඹු වුයේ සාරවත් බව නොව වාණිජ අවශ්‍යතාවයන්ය.

මෙබඳු පසුබිමක ලේඛන කාලාවට පිවිසි බුවනෙක සාරවත් ළමා පොත්, යොවුන් නවකතා රචනා කිරිමට අවංක ප්‍රයත්නයක් දරණ ලේඛකයකු ලෙස මම දකිමි.එහෙයින් ඔහුගේ පොත් වලින් හුදු රසකතා රසය ඉක්මවා යන ජීවන දැක්මක් සංවේදීතාවක් ළමයින්ට, ගැටවරයන්ට, තරුණයන්ට උකහාගත හැකිවේ යැයි මට සිතේ.කතා පුවතෙහි ඒකමිතිය අඛණ්ඩව රැකගැනීමෙහිලා සැලකිළිමත් වෙමින් ව්‍යුත්පත්තිය හා සතතාභ්‍යාසය තව තවත් දියුණු කර ගැනීමෙන් ඔහුගේ ලේඛන කුසලතාවය ඉදිරියේ වඩ වඩාත් ඔප්නැංවේ යැයි මම සිතමි.මම ඔබට සුභ පතමි.

Details
ISBN
9789557667720
පිටු ගණන (Pages)
134
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: ඉරුගලතැන්න

Reviews are published once a member of our team has read them.