ජීවිතෙත් වැව වගේ - හිටි නව කවි 3
රූපය සිංහල කවිය සමඟ මුලින්ම එකතු වන්නේ සීගිරි ලලනා රූපවලට රසිකයන් කවි ලිවීමත් සමගය. වර්තමානයේ ඡායාරූපයට කවියක් එක්වුණු අවස්ථාවක් වන්නේ වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි තමන්ම ගත් ඡායාරූප තමන්ම ලියූ කවියක් සමග මුහුණු පොතේ පළ කිරීය. ඔහු 'හිටි වන' ලියූ එම කවි ‘හිටි නව කවි' නමින් පද්‍ය සංග්‍රහ ලෙස පළ කළේය. එම කවි වල වින්දන මූලය වූයේ සිය උදෑසන පරිසර සැරිසැරියේදී හසු කරගත් ඡායාරූප මාලාවයි.
සොබා දහම එකම දර්ශන පථයක - එක වර්ණ පද්ධතියකින් එකම සිත්තමක් නොඅදියි. එකම කුරුල්ලෙකු දෙදිනක් එකම රිද්මයකට පියා නොසළයි. මින් රළ ජල පහරක එකම ලතාවකට නොපීනයි. එහෙත් අරුමය වනුයේ ඊස්මිස් නැති නගරයේ උදෑසන ඇවිදින කෙනෙකුට මේ අසිරිය දකින්නට තියුණු ඇසක් තිබීමයි.
වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි කවිකම උරුම කරගත් වෙදැදුරෙකි. සොබා දහමේ අසිරිය නුවන් ශතකයකින් දකින්නෙකු බව 'ජීවිතෙත් වැව වගේ' හිටි නව කවි තෙවැනි සංග්‍රහයෙන් ද සනාථ කරයි.
ඇසට දිසෙන රූප විලාසය ඉක්මවන ගැඹුරු අරුත් කරා අප ගෙන යන රූප කාව්‍ය තවත් රාශියක් මෙහි ඇතුළත් වේ.
වෙදකමත් හෙදකමත් යා කළ වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි කව් ඇසත් - කවි සිතත් යා කිරීමෙන් පාඨකයාට අපූර්වාස්වාදයක් ගෙන දෙන නිර්මාණ සංග්‍රහයක් බිහි කර ඇත.
ප්‍රයෝජනයක් නොගෙන ජල බිඳුවකුදු මුහුදට නොයවන්නැයි කීවාක් මෙන්, කවියා ද අපට අනගි උපදෙසක් දෙයි. ඒ, ආස්වාදයක් නොලබා තමන් හාත්පස ඇති සොබා සොඳුරු බව අපතේ නොයවන ලෙසයි.
තිලකරත්න කුරුවිට බණ්ඩාර
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.