ජෝතිස දැනුම
About this book
කිවියකු ලිපියුවකු (ලේඛකයෙකු) ලෙස ලංකාදීප, රසවාහිනී, සුබස, එඩිය වැනි පුවත්පත් සඟරා ආදියෙහි ඉතා ළාබාල වියේ සිට පෙනී සිටි ඔහු විසි වියේ දී රජයේ සේවාවට පත් වැ, අද එයින් ද ඉසුඹු (විශ්‍රාම) ලබා සිටින්නෙකි. ජෝතිස ඉසව්වවෙහි ද හතලිස් වසරකට වැඩි කලක් තිස්සේ ලද අත්දැකීම් ඔහුට ඇත.
දරු උපත ඔරලෝසුවට අසු වේ ද ?” යන මැයෙන් “හඳහන” පත්‍රයට සැපයුණු ලිපි පෙළින් ද තරු රෙදෙව් (RADIO) සේවාවෙන් 1998 - 1999 වසරවල ඉදිරිපත් කළ ජෝතිස වැඩ සටහන් මගින් ද ඒ අතේ දැනුම හෙළිදරව් කළ ඔහු ඉන්දියාවේ චන්දිගාර්හි පන්ජාබ් සරසවියේ අන්තර්ජාතික ජෝතිස සංගමයේ(MIFA)ඇතුළත් බව ද ලබා ඇතියෙකි.
මේ පොතින් ඔහු ජෝතිස දැනුම කොහෙත් ම නැතියෙකුට වුව ද, කේන්දරයක් සෑදීම, විවාහ ගැළපුම් බැලීම, සුභ නැකැත් සෑදීම, පලාපල කීම යන කරුණු හතර පිළිබඳ මූලික දැනුම ලබන්නට කෙටි මඟක් පෙන්වා ඇත.
Details
ISBN
9552051193
පිටු ගණන (Pages)
190
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review