Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කැලෑහඳ - සරසවි ප්‍රකාශන

කැලෑහඳ - සරසවි ප්‍රකාශන

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

සියුම් කලාකාරියක් හැටියට නාට්‍ය රසයෙන් පරිපූර්ණ ප්‍රථම සිංහල නවකථාව - සිරියලතාව - බිහි කිරීමෙන් සතළොස් වියෙහි දී ම පාඨකයන්තේ ඉමහත් ගෞරවාදරය දිනු වැල්ලෙවත්ත ආරච්චිගේ ඒබ්‍රහම් සිල්වා 1890 ජනවාරි 16 වැනි දින වැල්ලෙවත්තේ මධ්‍යම පංතියේ පවුලක උපන්නේය. හෙළ දිව මහ කතා කරු මෙන් අඩ සිය වසක් සපුරා බැබැළුණේය. හෙතෙම, ඡන්ම දායාදය වශයෙන් ලත් කලා කෞශල්‍යය ඇත්තේ විය. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසි ආදී භාෂා ශාස්ත්‍රයන්හි හසළ බුද්ධියෙන් විශාරද විය. ලෝකයාගේ චරිත ලක්ෂණ හැදීනීමේ තියුණු නුවණින් ප්‍රවීණ විය. අවලෝකනයෙන් හා ප්‍රතිභා ශක්තියෙන් අග්‍රපාප්ත විය. තමා විසින් ම නිර්මිත නිරාකූල ව්‍යක්ත ශෛලියකින් සිය බසේ හාස්කම් දැක්වීය.

නවකතා චක්‍රවර්තී සාහිත්‍ය කීර්ති වැනි විරුදාවලියෙන් පුද ලද මේ අසහාය ලේඛකයාගේ නව නිෂ්පාදනයක රස විඳුනා කුසල බලය, 1957 මැයි 31 වැනි දා සිට පාඨකයා කෙරෙන් සදහටම තුරන් වී ඇත්තේ ය. එහෙත් සිය බස වෙනුවෙන් සිය දිවි කැප කොට, ඔහු අතින් ලියැවුණු මිණි - මුතු වන් මහ පොත් රැසක් නොනැසී පවත්නේ ය.

ISBN
9789553118714
පිටු ගණන (Pages)
325
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කැලෑහඳ - සරසවි ප්‍රකාශන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.