කලාව කුමකටද?
මෙම සහශ්‍රය ආරම්භ වන විට වෙළෙඳපොළ බලවේග වෙතින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය වෙත විශාල ප්‍රහාරයක් එල්ල විය. රැකියා වෙළෙඳපොළෙහි අවශ්‍යතා යැයි ඉතා පටු අර්ථයෙන් හඳුනා ගැනුණු විෂය ධාරා මගින් ගැඹුරු ශාස්ත්‍රීය අධ්‍යාපනය විතැන් කළ යුතුය යන්න ඒ ප්‍රහාරයේ තර්කය විය.
ඊට ප්‍රතිචාර වශයෙන් ඇමරිකාව, මහා බ්‍රිතාන්‍යය හා යුරෝපයේ ඇතැම් රටවල විශ්වවිද්‍යාලය යනු ප්‍රබුද්ධතා ව්‍යාපාරයක කොටසක් බවත්, විචාරාත්මක වූද සක්‍රිය වූද පුරවැසියන් නිර්මාණය කිරීම උසස් අධ්‍යාපනයේ කාර්යය බවත් තර්ක කරන පොත්පත් ගණනාවක් ලියැවිණි.
කලාව කුමකටද? යනුවෙන් පරිවර්තනය වන්නේ ඉන් එක් පොතකි.
කලා විෂයධාරාවල අත්‍යවශ්‍යකත්වය මේ යැයි පැහැදිලිව පෙන්වා දෙන මේ කෘතිය කලාව යනු කුමක්ද වටහා ගැනීමටද උපකාර කරයි.
ඒ නිසා මෙම පොත අධ්‍යාපනඥයන්ගේ පමණක් නොව ඕනෑම කලා ක්ෂේත්‍රයකට සම්බන්ධ කාගේත් අත්පොතක් විය යුත්තකි. මාර්තා නස්ටෝම් යනු මෙම විෂය සම්බන්ධයෙන් ලොව සිටින ප්‍රමුඛ ශාස්ත්‍රවන්තියකි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.