My Cart
You have no items in your shopping cart.
Telephone: +94 (71) 9448899
කලාව පිළිබඳව බටහිර විශ්වවිද්‍යාල කිහිපයක මහාචාර්ය පදවිය උසුලා ඇති හර්බට් රීඩ් මහතා ප්‍රකට කලා විචාරකයෙකි. කලා ඉතිහාසඥයෙකි. දාර්ශනිකයෙකි. එසේ ම කවියෙක් හා ප්‍රකට කලාකරුවෙකි.
අපරදිග විචාරකයන් විසින් පෙරදිග කලා සම්බන්ධයෙන් දරනු ලබන සමහර අධානග්‍රාහි මතයන් අරුචියෙන් බැහැර කරන ඔහු කලාව හා සැබෑ නිර්මාණ කෘති අරබයා අද්භූත ප්‍රකාශන ලබා දෙන්නට තැත්කරන්නේ නැත.
කලාව පිළිබඳ ඔහුගේ දෘෂ්ටිපථය කලා මුලධර්මයන් වෙත පමණක් නොව, මිනිසා ප්‍රාථමික කලාවේ සිට නූතන කලාව වෙත යොමු වන ආකාරය දක්වා ද විහිදෙයි. බටහිර පමණක් නොව මැද පෙරදිග, ඉන්දියාව, චීනය හා රුසියාව වැනි රටවල කලා සම්ප්‍රදායන් වෙතට ද ඔහු යොමු වන හෙයින් මෙය කලාව පරිශීලනය හා කලා විචාරය අරබයා ලියැවුණ උසස් ග්‍රන්ථයක් ලෙස මහත් බුහුමනට ලක්වෙයි.
Author | සේනාරත්න වීරසිංහ - Senarathne Weerasinghe (50), Herbert Read (1) |
---|---|
Publisher | ප්‍රභා ප්‍රකාශන - Prabha Publisher (51) |
ISBN | 9786245906024 |
---|---|
පිටු ගණන | 317 |
දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |