Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

කළු පාලම

About this book

ශ්‍රී ලාංකේය සාහිත්‍ය තුළ රහස් පරීක්ෂක නවකතා සම්ප්‍රදාය ආරම්භ වූයේ 1918 නිර්මාණය වූ පියදාස සිරිසේනයන්ගේ ඩිංගිරි මැණිකා රහස් පරීක්ෂක නවකතාව තුළිනි. ඉන් පසුව 1943 දී ඩබ්ලිව්. ඒ. සිල්වා මහතාගේ ජූලි හත, රිදී හවඩිය තුළින් මෙම ශානරය ඉදිරියට ගෙන යාමට දායක විය. රහස් පරීක්ෂක නවකතා ක්ෂේත්‍රයේ ස්වර්ණමය යුගය ලෙසද මෙම කාලය හැඳින්විය හැකිය.

ඉන් පසු ඩීමන් ආනන්ද, චන්ද්‍රසේන සිල්වා, කේ. ලයනල් පෙරේරා, වැලිහිඳ මුනිරත්න, ජී. ඩබ්ලිව්. ගොඩකුඹුර වැනි ලේඛකයන් මෙම ශානරය තව දුරටත් ඉදිරියට රැගෙන ආහ.

වර්තමානයේ මෙම ක්ෂේත්‍රය තව දුරටත් ඉහළට ඔසවා තබන ලේඛකයෙකු ලෙස ඩී. එම්. අනුර දිසානායක මහතා අපට හඳුනා ගත හැකිය. ඔහුගේ බස් වහර සුමධ්‍ය. වේගවත්ය. අර්ථවත්ය. රහස් පරීක්ෂක කෘතියක් නිර්මාණය සඳහා අවශ්‍ය භාෂාව ඔහු සතුය. අනුර දිසානායකයන්ගේ පෑන් තුඩින් බිහිවූ ඉන්ස්පෙක්ටර් රොමේෂ් කටුලන්ද චරිතය බටහිර සාහිත්‍ය තුළ එන ෂර්ලොක් හෝම්ස් චරිතය තරමටම සජීවී ලෙස වර්තමාන සිංහල පාඨකයා අතර බෙහෙවින් ජනප්‍රිය විය. ඉදිරියටත් එකිනෙකට වෙනස් තේමාවන් ඔස්සේ නිර්මාණ ඉදිරිපත් කරමින් නවකතා ක්ෂේත්‍රය පෝෂණය කිරීමට ඔහුට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමි!

ජයශංක කරුණාරත්න
ලේඛක
රූපවාහිනී තිර පිටපත් රචක

ISBN
9786245829019
පිටු ගණන (Pages)
415
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කළු පාලම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.