යකඩ කූරු
නවකතාවක් යනු අතිශෝක්තියෙන් ගොතනා ලද මුසාවකි. ලේඛකයෙකු උත්සහා ගන්නේ මේ මුසාව හැකි තරම් සත්‍යක් ලෙස පාඨකයාට ඉදිරිපත් කරන්නටයි. අනුර දිසානායක යනු ලේඛකයෙකු සතු මේ වගකීම මැනවින් තේරුම්ගත් ලේඛකයෙකි. රහස් පරීක්ෂක ශානරයේ නවකතා 34 ක් ලියා පාඨක ප්‍රසාදය නොමදව දිනා ගන්නට සමත් වීමේ රහසයි ඒ.
රහස් පරීක්ෂක නවකතාවක් ලිවීම යනු අභියෝගයකි. පාඨකයාගේ විශ්වාසය දිනා ගැනීම පහසු නොවේ. ඒ විශ්වාසය පොත පුරාවට රඳවා ගැනීම ඊටත් වඩා අසීරුය. පනස් වසරක් පුරා දිව යන මේ “යකඩ කූරු” පොතේ කතාවද එවැන්නකි. කිසිඳු විටෙක පාඨකයාගේ දෙනෙත් පොතේ පිටු තුළින් ඈත් නොකරන තත්වයට පත් කිරීම අනුර සතුව ඇති දක්ෂතාවයයි.
යම් රටක සාහිත්‍ය ක්ෂේත්‍රයට ඇතුළු වීම පහසු නොවේ. එහි ස්ථාවරත්වයට පත් වීම ජයග්‍රහණයකි. ඒ ජයග්‍රහණය වඩාත් වර්ණවත් වන්නේ දිගු කාලයක් පුරා ඒ ස්ථාවරත්වයේ රැදෙන්නට හැකි වුවොත් පමණි. අනුර දිසානායක එවැන්නෙකි. ඔහුගේ නම ලාංකික සාහිත්‍යයේ ඉහළින් කැපී පෙනෙන නමක් බව විශේෂයෙන් කිව යුතු නොවන්නේ එබැවිනි.
මංජුල සේනාරත්න 12.12.12 කතෘ
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.