කාමසූත්‍ර
විෂ්ණු වාසු යනු ආසියාතික උරුමයන්, පෙරදිග දර්ශනය සහ මානුෂීය සබඳතාවල සංකීර්ණත්වය පිළිබඳව පුළුල් අවබෝධයක් ඇති සංවේදී ලේඛකයෙකු සහ සූක්ෂ්ම පර්යේෂකයෙකු වේ. ඔහුගේ බහුවිධ සංස්කෘතික හැදියාව හා ශික්ෂණය, ඉන්දීය සාහිත්‍යය, කලාව සහ ශිෂ්ටාචාරය පිළිබඳ ඔහු සතු සහජ ඥානය මැනවින් ඔප්නංවයි. සම්භාව්‍ය ශාස්ත්‍රීය ඥානය නූතන මානව චින්තනය හා සමාජ යථාර්ථයන් සමඟ ගළපමින්, සෑම නිර්මාණයකටම අනන්‍ය වූත් ප්‍රබල වූත් රචනා ශෛලියක් භාවිත කිරීමට ඔහු සතු ශක්‍යතාව විශිෂ්ටයි.
ඔහුගේ සරල, සුගම බස් වහර සහ සිනමාත්මක රචනා ස්වරූපය පාඨක මනසේ සිතුවම් මවයි. මානව ජීවිතයේ ගැඹුරු ස්වභාවයටත්, ආධ්‍යාත්මික හා ලෞකික බැඳීම්වල සියුම් ස්වරූපයන්ටත් සජීවී ලෙස පණ දෙයි. මෙම කෘතිය හුදු කියවීමකින් එහා ගිය ප්‍රඥාගෝචර ආලෝකයක් පාඨකයා වෙත සමීප කරනු ඇතැයි මගේ විශ්වාසයයි.
සම්මානිත මහාචාර්ය
සරත් විජේසූරිය
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.