සිම්පල් සයිමන්
මේක සීරියස් කථාවක් නෙවෙයි. මං වාගේ සිම්පල් සයිමන් කෙනෙකුගෙන් එහෙම සීරියස් කථාවක් බලාපොරොත්තු වෙන එකත් වැරදියි. මට ඕනේ හොටු පෙරාගෙන කියවන ඇතෙක් බර කථාවක් ලියන්න නෙවෙයි. මට ඕනේ බස් එකේ යනකොට, උණ හෙම්බිරිස්සාව හැදිලා නිවාස අඩස්සියේ ඉන්නකොට, මූණත් එක්කලා තරහා වෙලා නහය කපාගන්න හිතෙනකොට කියවන්න කථා ලියන්න. මට ඕනේ කැමති තැනකින් පෙරලලා අරං කියවන්න පුළුවන් හිත පිරෙන කථා ලියන්න.
මේ කෙටි කතා එකතුවට වස්තු විෂය වන්නේ ලංකා දූපතේ සිට භාරත දේශයට සංක්‍රමණය වූ නාඹර ගවේශකයෙක්, කර්ණාටක සංගීතය ගැඹුරින් හදාරන්නට ගුරුකුලවාසී ශ්‍රාවකයෙකු ලෙස ගතකළ දින දහසක ජීවිතයේ රස තැන්. සාමාන්‍යයෙන් මං රස්තියාදුවේ යනකොට මුහුණ දෙන සුවිශේෂ සිදුවීම් පිළිබඳව කටු සටහන් ලියන එක සංසාරික පුරුද්දක්. ඒ ඇරුනාම මගේ මතකයත් හරිම තියුණුයි. මා අත්විඳින රසවත්, හරවත් සිදුවීම්, බිතු සිතුවම් රූප වාගේ මගේ හිතේ ඇඳෙනවා. මේ කථා ලියැවෙන්නේ ඒ කටු සටහන් සහ බිතු සිතුවම් සංචිතයෙන් සීරුමාරුවට තෝරාගත් මතක, මගේ ෆැන්ටසිය හා කැලතීමෙන්.
මේ බරසාර අත්දැකීම් එකක්වත් , රීදි බන්දේසියක් මත තබා, මට තිළිණ කළ අහම්බයක් නෙවෙයි. දශක හයක් තිස්සේ කළ හැදෑරීම් වෙනුවෙන්, අවස්ථා කිහිපයකදීම, මගේ ශරිිරය පවා උගසට තැබු වග සිහිපත් වෙනකොට, කලාවක් ප්‍රගුණ කරන්නට මා තරම් දුෂ්කර ක්‍රියාවන් හි නියැළුනු මගේ පරම්පරාවේ තවත් අයෙක් මේ දූපතේ ජීවතුන් අතර සිටිදැයි මට සැකයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
-
Nameවිෂ්ණු වාසු කියලා මම ඉංග්‍රිසියෙන් ලියන්නේ මෙහෙම. Vishnu Vasu