කපිතන්ගේ දියැණියෝ - කුරුලු ප්‍රකාශන
කපිතන්ගේ දියැණියෝ නමැති නවකතාව තුළින් පුෂ්කින් (1773-1775) වසරවලදී රුසියාවේ පැවැති බලසම්පන්න ගොවි කැරැළි ගැන ලියයි. එහි නායකයා වූයේ එමේල්යාන් පුගචොව්ය. (1744-1775) රුසියාවේ සෑහෙන ප්‍රදේශයක මෙම කැරැළි පැන නැගිණි. පුගචොව්ගේ නායකත්වයෙන් පැවැති කැරැළි සැබෑ ජනතාවාදී මෙන්ම ප්‍රවේණිදාස ක්‍රමයට විරුද්ධ ස්වරූපයක් දරන හැටි පුෂ්කින් යසට පෙන්වා දෙයි.
පුෂ්කින්ගේ නවකතාවේ ප්‍රධාන වීරයා පොදු ජනතාවගේ අභිප්‍රාය සහ ශක්තිය ඒකරාශි කළ පුගචොව්ය. ඔහුගේ බුද්ධිය, වැටහෙන නුවණ, වීරත්වය සහ මානව හිතකාමය මැනවින් ඔපනංවා පෙන්වයි.
මාරියා ස්වෙතායෙවා (1892-1941) නමැති කිවිවරිය පුෂ්කින්ගේ ඓතිහාසික නවකතාවේ පුගචොව්ගේ චරිතය නියම කාව්‍යමය ලෙස විස්තර කරමින් මෙසේ පවසයි.
“කපිතන්ගේ දියැණියෝ නමැති නවකතාවේ එකම ක්‍රියාකාරී චරිතය පුගචොව්ය. ඔහුගේ අස්රියේ ඒ නැගෙන කුඩා සීනු හඬින් හැම දෙයක්ම පණ ලබයි. එය අපට පෙනෙන්නාක් මෙනි.”
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.