Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / කාර්මික මනෝවිද්‍යාව

කාර්මික මනෝවිද්‍යාව

About this book

සමාජ විද්‍යාව, අපරාධ විද්‍යාව, මනෝවිද්‍යාව වැනි විවිධ ක්ෂේත්‍රයන්හි ශාස්ත්‍රීය කෘතීන් සම්පාදනය කර ඇති ධම්මික බණ්ඩාරයන්ගේ නවතම කෘතිය ලෙස කාර්මික මනෝ විද්‍යාව කෘතිය පෙන්වාදිය හැකි ය. කුතූහලයෙන් යමක් ඉගෙනගැනීමට ඇති ආශාව මෙන්ම තමන් ඉගෙනගන්නා දැනුම මෙලෙස සංගෘහිත කරමින් සමාජගත කිරීමට වූ කැමැත්ත සහ උත්සාහය කතුවරයා කෙරෙන් දැකිය හැකි ගුණාංගයක් වේ.

වරෙක වී. අයි. ලෙනින් සඳහන් කරන පරිදි “දැනුම භාවිතයත් සමග පටන් ගනී. භාවිතය මඟින් ලබාගන්නා න්‍යායික දැනුම ඉක්බිති පෙරළා භාවිතයට යායුතු වේ. දැනුමේ ක්‍රියාකාරී කාර්යය ප්‍රකට වන්නේ ප්‍රත්‍යක්ෂ දැනුමෙන් බුද්ධික දැනුමට පනින ක්‍රියාකාරී පිම්මෙහි පමණක් නො වේ. එහි වඩාත් වැදගත් දෙය මෙය යි. බුද්ධික දැනුමෙන් සමාජය වෙනස් කිරීමේ භාවිතයට පනින පිම්මෙහි ද ප්‍රකට විය යුතු ය. ලෝකය පිළිබඳ නියාම තරයේ වටහාගන්නා දැනුම ලෝකය වෙනස් කිරීමේ භාවිතය වෙත ආපසු හැරවිය යුතුය.”

දැනුම උත්පාදනයේ යාවත්කාලීන අවශ්‍යතාව තේරුම් ගනිමින් මෙවැනි විෂය ක්ෂේත්‍රයක් පිළිබඳ ශාස්ත්‍රීය කර්තව්‍යයකට දායකවීම වැදගත් වන අතර ධම්මික බණ්ඩාරයන්ගේ මෙකී ප්‍රශංසනීය උත්සාහය හුදෙක් ම අගය කරන්නෙමි !

ආචාර්ය නෙරංජි විජේවර්ධන

අපරාධ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

අපරාධ විද්‍යා සහ අපරාධ යුක්ති අධ්‍යයනාංශය

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

ISBN
9789553094292
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කාර්මික මනෝවිද්‍යාව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.