Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කර්නල් සහ එරෙන්දිරා
About this book

මාර්කස්ගේ කතා කලාවේ හා රීතියේ සංකීර්ණත්වය හඳුනා ගැනීම පහසු කිරීමට මෙන් එකිනෙකට පටහැනි ශෛලීන් දෙකක කතා දෙකක් මෙම ග්‍රන්ථයේදී ජනක අපට හඳුන්වා දෙයි. කර්නල්' කතාවේ චරිත හා සිදුවීම් එක්තරා නිශ්චිත සමාජ ඓතිහාසික අවධියක සැබැවින්ම වූ යථාර්ථයක් වශයෙන් තාත්විකව ඉදිරිපත් කෙරෙයි. ඔවුන්ට සිදුවී ඇති අසාධාරණය තීව්‍ර වන විධියට නිරූපණය වන තරමට එම අත්දැකීම් සාර්ව භෞමික ලෙස මානවවාදීව විග්‍රහ වෙයි... අද්දි බූත යැයි හැගෙන සිදුවීම් සමුදායක් ඇමිණී ගොනුවී ඇති දෙවන කතාව වන 'එරෙන්දිරා' කියවන විට බොහෝ දෙනා කතා කරන ඉන්ද්‍රජාලික යථාර්ථ රීතිය පිළිබද සාකච්ඡාවකට අප යොමු කරයි. එබඳු සංවාදයකින් රචනාවේ සැගවුණු ජීවිත අර්ථ හා ආකෘතිමය අර්ථ බොහෝමයක් ප්‍රභාවිත වෙයි. එසේ නමුදු කතා දෙකේම රචනා ශෛලියේ හේතුඵල වශයෙන් තාර්කානුකූලව සිද්ධි ගලපා ඇති ආකාරය අනුව ඒ දෙකම ' යථාර්ථවාදී' වෙයි.

අද්භුත සේ පෙනෙන එරෙන්දිරා කර්නල් සේම යථාර්ථවාදියි

සයිමන් නවගත්තේගම

යුක්තිය 1997 ජූනි 8

ISBN
9789559616207
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කර්නල් සහ එරෙන්දිරා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.