Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / කටු පඳුර සිපගතිමි

කටු පඳුර සිපගතිමි

About this book

ලංකාවේ රාජ්‍ය බලයට එරෙහි ව සන්නද්ධ කැරලි දෙකක් මෙහෙය වූ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ හා හිටපු නායක රෝහණ විජේවීර උලපනේ වතුයායක දී අත්අඩංගුවට පත්ව ඝාතනය වීමෙන් පසු ඔහුගේ බිරිඳ, ශ්‍රීමති චිත්‍රාංගනී ප්‍රනාන්දු සිය දරුවන් පස් දෙනා ද කැටුව හමුදාවට භාර වූවාය. හමුදා අත්අඩංගුවේ දී ඇය දුන් කට උත්තරයයි මේ.

ශ්‍රීමති චිත්‍රාංගනීගේ පවුල් පසුබිම, රෝහණ විජේවීර හමුවීම, ඔහුගේ දේශපාලන කටයුතු, ජනතා විමුක්ති පෙරමුණේ අනෙක් දේශපාලන නායකයන්ගේ හා පාක්ෂිකයන්ගේ ක්‍රියාකාරකම්, ජවිපෙ දෙවැනි කැරැල්ල සමයේ රටේ තත්වය ගැන මෙන් ම රෝහණ විජේවීරගේ ජීවිතයේ අවසන් දවස් කිහිපය ගැන ද මේ කටඋත්තරයේ දී විස්තර කෙරෙයි.

ලංකාවේ දේශපාලනය ගැන විෂයයක් වශයෙන් හදාරන්නවුන්ට, දේශපාලන ඉතිහාසය ගැන උනන්දුවන්තන්ට මෙන්ම සාමාන්‍ය පාඨකයන්ට ද මේ කට උත්තරයෙන් හෙළිවන තොරතුරු වැදගත් වනු ඇත්තේය.

ISBN
9786246417017
පිටු ගණන (Pages)
56
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කටු පඳුර සිපගතිමි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.