කිරුළ ගිනිගත් ප්‍රේමය
''සුමන ඔබ උමතුවෙන් දොඩවන්නෙහිද? මාලා නොදැක මම තවත් කලක් මේ ගින්නෙන් දැවිය යුතුද? ඔබ නාවත් මම සුමේධ කැටුව අදම පිටත් වෙමි.” කුමරු දැඩි ආවේගයෙන් යුතුව ආපසු අසු හරවා ගත්තේය.
සුමන වහා ඉදිරියට පැමිණ අසුගේ කර පටියෙන් වෙර යොදා ග්‍රහනය කරගත්තේය. කුමරු සංසුන් විය.
“මා කියන්නක් අසනු මැනවි කුමරුණි. චන්ඩාල මණ්ඩියේ උන් රජවාසල කෙරෙහි හිඳින්නේ කෝපයෙනි. රාජකීය නිලබල පසෙකලා ඔබතුමාට අනතුරක් කිර්මට වුවද පසුබට නොවෙති.
අසුපිටින් බිමට බට කුමරු, සුමනගේ සුරත අල්වා ගත්තේය.
“ඔබ පවසන්නේ සත්‍යයක් බව මට පැහැදිලි විය. මගේ කඩිනම් තීරණය ඔබ නිසා සංසුන් කර ගතිමි. හෙට දින මල් අම්මා මගින් හෝ මාලාට පයින්ඩයක් යවා, ඇය ගෙන්වා ගැනීමට කටයුතු සලසාලමි. පසුගිය දින කිහිපය ගෙවා දැමුවාසේ ඉදිරි දින කීපයත් ගෙවා දමන්නෙමි.”
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.