කිරුළ ගිනිගත් ප්‍රේමය

Special Price රු. 945.00 Regular Price රු. 1,050.00
In stock
SKU
kirula-ginigath-premaya-somarathna-harasgama-dayawansha-jayakodi

''සුමන ඔබ උමතුවෙන් දොඩවන්නෙහිද? මාලා නොදැක මම තවත් කලක් මේ ගින්නෙන් දැවිය යුතුද? ඔබ නාවත් මම සුමේධ කැටුව අදම පිටත් වෙමි.” කුමරු දැඩි ආවේගයෙන් යුතුව ආපසු අසු හරවා ගත්තේය.

සුමන වහා ඉදිරියට පැමිණ අසුගේ කර පටියෙන් වෙර යොදා ග්‍රහනය කරගත්තේය. කුමරු සංසුන් විය.

“මා කියන්නක් අසනු මැනවි කුමරුණි. චන්ඩාල මණ්ඩියේ උන් රජවාසල කෙරෙහි හිඳින්නේ කෝපයෙනි. රාජකීය නිලබල පසෙකලා ඔබතුමාට අනතුරක් කිර්මට වුවද පසුබට නොවෙති.

අසුපිටින් බිමට බට කුමරු, සුමනගේ සුරත අල්වා ගත්තේය.

“ඔබ පවසන්නේ සත්‍යයක් බව මට පැහැදිලි විය. මගේ කඩිනම් තීරණය ඔබ නිසා සංසුන් කර ගතිමි. හෙට දින මල් අම්මා මගින් හෝ මාලාට පයින්ඩයක් යවා, ඇය ගෙන්වා ගැනීමට කටයුතු සලසාලමි. පසුගිය දින කිහිපය ගෙවා දැමුවාසේ ඉදිරි දින කීපයත් ගෙවා දමන්නෙමි.”

Author සෝමරත්න හරස්ගම - Somarathna Harasgama (5)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (653)
More Information
ISBN 9786246722043
පිටු ගණන 191
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:කිරුළ ගිනිගත් ප්‍රේමය
Back to Top