සීතාම්බර ඇත්තෝ
“එව්වට කලබල වෙන්ඩ එපා උත්තරවංශ... තමුන්ට යම් දෙයකට හිමි කමක් තියෙනවනං ඒක ලැබෙනව... ඔය තනතුරු පස්සෙ හඹාගෙන යන්ඩ එපා... ඒවට තව කල් තියෙනවනෙ... අපි පස්සෙ බලමු...
තමුසෙලත් හරියට අර කූඩැල්ල වාගෙනෙ... එක තැනක් අතහැරෙනකොට තව තැනක් අල්ල ගන්ඩ තමයි බලන්නෙ... හොඳයි හොඳයි බලමු පස්සෙ.."
ලොක්කාගේ කපටි වදන් හමුවේ උත්තරවංශට පසු බසින්නට සිදුවිය. තනතුරු පසුපස හඹා නොයන්නේ නම් ලොක්කා මේ තරම් වෙහෙසෙන්නේ කුමකටදැයි යන අදහස උත්තරවංශගේ සිතට ඇති විය. ඔහුද කරන්නේ රහසිගත කූට ව්‍යාපාර තුළින් තම බලය තනතුර රැකගැනීමට නොවේදැයි ඔහු කල්පනා කළේය.
සුදු රෙදි පොරවා ගත් කොටියෙකු සේ ඔහුගේ අභ්‍යන්තරයේ ඇති රුදුරු සැඩ බව වසාගෙන ඇත. සියල්ල යටපත් කරමින් චාටු ඉච්ඡාවෙන් මුළු රටක් රවටාගෙන ඇත. මේ සියල්ල කෙළින්ම මූණට කියා දැමීමට උත්තරවංශට සිතෙයි. ඒත් නයාට ගසා පොල්ල වරද්දා ගැනීම අනතුරු බව සිතා ඔහු නිහඬව සිටියේය. නුසුදුසු වචනයක් හෝ කියා ඔහුට මෙතින් ගැලවී පලා යා නොහැක.
තමාගේ කෑල්ලක්වත් නොදකින සේ ශූන්‍ය කර දැමීමට එහෙයියන් අරක්ගෙන ඇත. මේ නිසා බයාදු විලාශයකින් උත්තරවංශ නිහඬ වූයේය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.