සීතාම්බර ඇත්තෝ

Special Price රු. 720.00 Regular Price රු. 800.00
In stock
SKU
sithambara-aththo-somarathna-harasgama-dayawansa-jayakodi

“එව්වට කලබල වෙන්ඩ එපා උත්තරවංශ... තමුන්ට යම් දෙයකට හිමි කමක් තියෙනවනං ඒක ලැබෙනව... ඔය තනතුරු පස්සෙ හඹාගෙන යන්ඩ එපා... ඒවට තව කල් තියෙනවනෙ... අපි පස්සෙ බලමු...

තමුසෙලත් හරියට අර කූඩැල්ල වාගෙනෙ... එක තැනක් අතහැරෙනකොට තව තැනක් අල්ල ගන්ඩ තමයි බලන්නෙ... හොඳයි හොඳයි බලමු පස්සෙ.."

ලොක්කාගේ කපටි වදන් හමුවේ උත්තරවංශට පසු බසින්නට සිදුවිය. තනතුරු පසුපස හඹා නොයන්නේ නම් ලොක්කා මේ තරම් වෙහෙසෙන්නේ කුමකටදැයි යන අදහස උත්තරවංශගේ සිතට ඇති විය. ඔහුද කරන්නේ රහසිගත කූට ව්‍යාපාර තුළින් තම බලය තනතුර රැකගැනීමට නොවේදැයි ඔහු කල්පනා කළේය.

සුදු රෙදි පොරවා ගත් කොටියෙකු සේ ඔහුගේ අභ්‍යන්තරයේ ඇති රුදුරු සැඩ බව වසාගෙන ඇත. සියල්ල යටපත් කරමින් චාටු ඉච්ඡාවෙන් මුළු රටක් රවටාගෙන ඇත. මේ සියල්ල කෙළින්ම මූණට කියා දැමීමට උත්තරවංශට සිතෙයි. ඒත් නයාට ගසා පොල්ල වරද්දා ගැනීම අනතුරු බව සිතා ඔහු නිහඬව සිටියේය. නුසුදුසු වචනයක් හෝ කියා ඔහුට මෙතින් ගැලවී පලා යා නොහැක.

තමාගේ කෑල්ලක්වත් නොදකින සේ ශූන්‍ය කර දැමීමට එහෙයියන් අරක්ගෙන ඇත. මේ නිසා බයාදු විලාශයකින් උත්තරවංශ නිහඬ වූයේය.

Author සෝමරත්න හරස්ගම - Somarathna Harasgama (3)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (595)
More Information
ISBN 9786245710843
පිටු ගණන 224
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සීතාම්බර ඇත්තෝ
Back to Top