කොටියෙකුගේ මතක සටහන්
ආර්.කේ. නාරායන්ගේ මෙම විශිෂ්ටතම නවකතාවට තේමාව වන්නේ ප්‍රබුද්ධනයට පත් මිනිසෙකුගේ ආත්මයට පිවිසි කොටියෙකුගේ ජීවන අන්දරයයි.
මෙම කතාව ආරම්භ වන්නේ කූඩුවක ලැග සිටින ජීවිතාවර්ජනයකිනි. එහිදී ඔහු පැටියෙකු ලෙසින් ගත කළ කුඩා කාලයත්, වනාන්තරයේ දී අත්විඳි නිදහස් දිවියත්, ඉන් පසුව සර්කස් කණ්ඩායමකට හසු වී ඔවුන් සමඟ ගත කළ ජීවිතයත් එකින් එක ආවර්ජනය කරයි. අවසානයේදී ඔහු ඉන් පලා ගියද ඔහුව බේරාගැනීමට ඉදිරිපත් වූ තාපසවරයෙකු සමඟ එක්ව යාම ඔහුට සිදුවේ.
ඔවුහු දෙදෙනා මල්ගුඩියට සමුදී කඳුකරයට යති. එහිදී ඔවුන්ගේ කාලය ගෙවී යන්නේ දර්ශනික වාද විවාද සමඟිනි.
වියපත්වන රාජාට ඔහුගේ නිදහස සදහටම අහිමි වේ.
මෙම මනබඳනා වෘත්තාන්තය ‘A Tiger of Malgudi’ හින්දු පුරාවෘත්තවල එන ඇදිහිය නොහැකි සනාතනික බව හා බැඳී පවතී. මල්ගුඩි කතාවල එන නාරායන්ගේ සියුම් ප්‍රහසනය මෙම වෘත්තාන්තයට මුසුව ඇත.
බාල මහලු කාහටත් මෙම සරල සිත්බඳනා කතාව රසවිඳිය හැකිය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.