කෘෂි යන්ත්‍රෝපකරණ නඩත්තු කිරීම
මෙම කතුවරයා විසින් කෘෂි ඉංජිනේරු තාක්ෂණය යන මැයෙන් විෂයානුබද්ධව ලියන ලද සිය පළමු ග්‍රන්ථයෙන් එම විෂය කරුණු හදාරන සිසුන් හා විෂයානුබද්ධව කරුණු ඉගැන්වීමේ නිරත ගුරු භවතුන්හට හා දේශකයින් හට හොඳ මාර්ගෝපදේශයක් සපයා දී ඇත. දෙවනුව රචිත මෙම ග්‍රන්ථය ඔස්සේ කිසිවකු එතරම් සැලකිල්ලක් යොමු නොකරන, මෙරට කෘෂිකාර්මික අංශය තුළ උපයෝගී කරගනු ලබන යන්ත්‍රෝපකරණ නඩත්තු කිරීම පිළිබඳව කරුණු ගෙනහැර පෑමට කතුවරයා උත්සාහ දරා ඇත. වර්ෂ 1981 පටන් ජාතික පුවත්පත් හා වෙනත් වාර ප්‍රකාශන මාධ්‍ය ඔස්සේ පාඨකයා වෙත සමීප වූ නිදහස් ලේඛකයෙකු වන මොහු ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේදී මෝටර් යාන්ත්‍රික තාක්ෂණය පිළිබඳව ද, ඉදිකිරීම් අභ්‍යාස හා සංවර්ධන ආයතනයේදී බරවාහන යන්ත්‍රෝපකරණ තාක්ෂණය පිළිබඳව ද අධ්‍යයනය කර ඇති අතර, ජපන් අන්තර් ජාතික සහයෝගීතා පදනම යටතේ ගොවිපල යන්ත්‍රෝපකරණ තාක්ෂණය පිළිබඳවත්, චීන මහජන සමූහාණ්ඩුවේ ප්‍රදානය මත ජීව වායු නිෂ්පාදන හා භාවිතය පිළිබඳවත්, කෘෂි යන්ත්‍රෝපකරණ පිරිවිතර හා ප්‍රමිතිකරණය පිළිබඳවත් වෘත්තීය පුහුණුව ලැබූවෙකි. එමෙන්ම කාර්මික අධ්‍යාපන පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ, හා ඇක්වයිනාස් විශ්වවිද්‍යාල විද්‍යායතනයේ, ජාතික අධ්‍යාපන ආයතනය යටතේ වූ තාක්ෂණ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ කාෂිකර්ම හා පරිසර දෙපාර්තමේන්තුවේ සම්පත් දායකයෙකු ලෙස කටයුතු කර ඇති එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ මහතාගේ මෙම උත්සාහය මම අගය කරමි.
ඒ. ආර්. ඩබ්ලිව්. එම්. එම්. උත්පලා එම්. අමරකෝන්
පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ
බස්නාහිර පළාත
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.