කුදු මහත් සියලු සත්ත්වයෝ
කුදු මහත් සියලු සත්ත්වයෝ ( All Creatures Great and Small) අදටත් පවතින්නේ යුද සමයේ ජේම්ස් හෙරියට් ගේ පශු වෛද්ය චරිත කතා ලෙසින් පමණක් නොව, ප්රශංසාවට පාත්ර වූ රූපවාහිනී අනුවර්තන මාලාවක් ලෙසින් ද වේ. නිකලස් රැල්ෆ්, සෑමුවෙල් වෙස්ට්. ඈනා මේඩ්ලි, රෙචල් ෂෙන්ටන් සහ කැලම් වුඩ්හවුස් රඟන මේ ටෙලි නාට්ය මාලාවට පාදක වූ මුල් පොත පිළිබඳ ව පවසන්නට ඇත්තේ කුමක් ද? ජේම්ස් හෙරියට් ගේ පොත් වනාහි ප්රබල, හාස්ය ජනක සහ විනෝදාත්මක වූ සම්භාව්ය චරිත කතා වේ.
ජේම්ස් හෙරියට් ගේ ළයාන්විත වූ ද සම්භාවනීය වූ ද චරිත කතාවල පළමු වැන්න වන 'කුදු මහත් සියලු සත්ත්වයෝ' කෘතිය ගොඩනැගෙන්නේ වර්ෂ 1930 දී ග්ලාස්ගෝ පශූ වෛද්‍ය විද්‍යාලයයෙන් මතු වන තරුණ ජේම්ස් වටා ය. ගම්බද යෝක්ෂරයේ රැකියාවේ යෙදීමට ආශාවක් ඇති වන ඔහුට සිග්ෆ්‍රීඩ් ෆානන් සහ ට්‍රිස්ටන් ෆානන් නම් අලුත්, අරුම, වෘත්තීය සගයන් දෙ දෙනකු සමග හැල හැප්පෙන්නට සිදු වෙයි. එසේ ම, ගුප්ත වූ ගොවියන් සමඟ ද මුරණ්ඩු ගවයින් සමඟ ද ට්‍රිකි වූ නමැති තරබාරු සුනඛයකු සමඟ ද ගැටෙන්නට සිදු වේ. පළාතේ ගොවියකු ගේ දියණිය වූ හෙලන් සමඟ ඔහු මහත් සෙයින් ප්‍රේමයෙන් බැඳුණු විට කරුණු තවත් සංකීර්ණ බවට පත් වෙයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.