About this book
එවරස්ට් කිතු දහමේ සංකල්පය වේදය නූත නවාදි චින්තනයන් එක්ක මුහු කරන බෝහිමියානුවෙක්. කාරණය ඒක නෙවෙයි. ඔහු ඒකට මොන තරම් සප්‍රමාණික ද කියනවා නම් ඒ සංකල්පය වේදය අපේ බොදු සංකල්පවේදයත් එක්ක තියන ව්ශ්මයතාවයත් ඔහු ඒ එක්කම ග්‍රහණය කරන එකයි.
සමහර විට ඒක එවරස්ට්ගේ වැඩක් නොවෙන්න පුළුවන්. ඒක විශ්මය බලවේගයක, සංකල්පවේදයක අවිඥාණික කාර්යයක් වෙන්නත් පුළුවන්. ඒ ආලය විඥාණය ප්‍රකාශ කරන්න එවරස්ට් ව තෝරාගෙන තියෙනවා සොබාව ධර්මය. ඔහු සාතන් ව ‘පහන් තාරකාව’ කරන්නෙ අහම්බෙන් ද? නෑ. ඒක විශ්වමය සංකල්ප වේදයකින්, සාමුහික අවිඥාණයකින් එන්නෙ. ආලය විඥාණය කින්.
පහන් තරුව කියන්නේ සිකුරු. සිකුරුට අධිපති. වසවර්ති මාරයා කියන දිව්‍ය පුත්‍රයා. මේ මාරයා කැමති මිනිස්සු හැමෝම කාලා බීලා හැමනිලා සතුටින් ඉන්නවට. ඒකයි ඔහු බුදුන් ට එරෙහි වෙන්නෙ. බුදුන් කියන්නෙ මාරයාගෙම මහාබඹා කෝලමේ අනිත් මුහුණ. ඉතින් පහන් තරුව නැතිනම් සිකුරු, සාතන් නැතිනම් ලුසිෆර් වෙන්නෙ නිකම් නොවේ.
මූදු පුත්තුවලින් පස්සෙ පහන් තරුව මේ විදිහට යළී ප්‍රකාශ වුණේ එවරස්ට්ගෙන්. මූදූ පුත්තු වල සරා…. දියෝනිස්…. කියන්නෙත් නිකම්ම නෙවෙයි… ඒ පබළුයි මේ කවඩියි එක නූලේ අමුණනවා.
ඉඉතින් ඔන්න ආයිත් එවාත් ඒ පබළුයි මේ කවඩියි එක නූලේ අමුණන්න අරන්.
කේ.කේ. සමන් කුමාර
Details
ISBN
9789550230532
පිටු ගණන (Pages)
90
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review