Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / කුරුලු හදවත

කුරුලු හදවත

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
About this book

“කුරුලු හදවත” නවකතාවේ සමාජ පරිසරය වන්නේ කුල පීඩනයෙන් පෙලෙන ගම්මානයක්. දිනසිරි, මධුවන්ති, රන්දිමා, සරත්, සිරිමලී මැණිකේ, ජේන්, මුත්තු අත්තා, ජයසේන යන පාත්‍රවර්ගයා ජීවත් වෙන වළංගංගොඩ සාම්ප්‍රදායික කුඹල් ගමක්, ඔවුන් කුලීන යැයි කියා ගන්නා අය අතින් පීඩාවට පත් වෙනවා. එහි සංකේතය සිරිමලී මැණිකේ. දිනසිරි රේඩියෝව හරහා ගමේ නමත් තමන්ගේ නමක් වෙනස් කරනවා. ඔහු ඉන් ලබන්නේ අප්‍රමාණ මානසික සතුටක්, ඔහු සිතින් ප්‍රේම කරන්නේ ගමේ එකම කුලීන පවු‍ලේ රන්දිමාට. රේඩියෝව තුළින් නව නාමකරණයට ලක් කළ තම ගම පුරුදු පරිදිම පෙළන්නේ පෙර තිබූ සමාජ ආර්ථික සාධක විසින්මයි. කෘතියේ මුල් අර්ධයේදී දිනසිරිගේ ක්‍රියාකාරකම් තුළින් අපට මතුවන්නේ ගැමි අහිංසක තරුණයෙක්. අන් මගකින් තමන් පෙළන සමාජ ක්‍රමය අතික්‍රමණය කරන්න, තමන් පෙළන සමාජ සාධකයන්ට එරෙහිව ඒවා වෙනස් කිරීමේ ප්‍රායෝගික මාර්ග සොයනවාට වඩා ඔහු උත්සාහ කරන්නේ වෙනත් මාර්ග ඔස්සේ ඒවාට පිළියම් සෙවීමට. රේඩියෝව තුළින් ඔහු නමක් ගොඩනගා ගන්නවා. ගමේ නම වෙනස් කරනවා. තමන්ගේ කුලයේ පැරැන්ණෙකු වන මුත්තු අත්තා මීට එරෙහි වෙනවා. ඔහුට තමන් නියෝජනය කරන කුලය පිළිබඳ ඇත්තේ ගර්වයක්. ඔහු මේ මහ ‍පොළොවට මුල් ඇදි කෙනෙක්. කුරුලු හදවත නවකතාව සමාජ විකාශනය පිළිබඳව හා එහි නව පෙළගැසීම්වලට ගොදුරුවන්නන්ගේ ප්‍රකාශයක්. වෙළෙඳ ගුවන් විදුලි නාලිකා පැමිණීමට පෙර යුගය හා පැමිණි පසු යුගය යන යුග දෙක යාකරන පුරුක බවට පත් වන්නේ දිනසිරි, අපි සියලු දෙනා මේ නව ලෝකකරණය තුළ දැනුවත්ව හෝ නොදැනුවත්ව අඩු වැඩි වශයෙන් ගොදුරු බවට පත්වී ඇති ආකාරයකතුවරයා ඉතාම සූක්ෂ්ම ආකාරයෙන් විශ්‍ලේෂණය කරනවා. ඒ සඳහා ඔහු ගෙඩ නගන චරිත මේ මහ‍පොළොවේ සමාජ, ආර්ථික, දේශපාලන සන්දර්භයන් මත සරුසාරව මුල් ඇදී ගොඩ නැගුණු චරිත වේ

ISBN
9789556772548
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Write a review
Write a review

You're reviewing: කුරුලු හදවත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.