කුරුලු සුන්දර මතක ඇහිඳිමි
තාක්ෂණය මිනිසුන්ගේ අභ්‍යන්තර ප්‍රශ්නවලට පිළිතුරු නොදෙයි. ප්‍රේමයයි මිනිසුන්ගේ හැඟීම්වලට සවන් දෙන්නේ.
- පරාක්‍රම කොඩිතුවක්කු -
සිය දරුවන් රටේ ඉහළ ම පාසල්වලට ඇතුළත් කර ඉගැන්වීම, සුවපහසු නිවාස, යානවාහන අත්පත් කර ගැනීම ආදී ආශාවන්ගෙන් පමණක් මඩනා ලද මිනිස්සු බොහෝ වෙති. කුමුදුනී මෙන්ඩිස් ඉතා පහසුවෙන් ඒ සියල්ල ළඟා කර ගත හැකි තැනැත්තියක වුව ද ඇයගේ ප්‍රාර්ථනා ලෝකය ඊට වඩා බෙහෙවින් විශාලය. වඩා යහපත් සමාජයක් වෙනුවෙන් ඇය විකල්ප දේශපාලන ක්‍රියාකාරකම්වල නිරත වූවාය. විවිධ සාහිත්‍ය සංවාදවලට ඇය උනන්දුවෙන් සවන් දුන්නාය. සාහිත්‍ය වෙත ඇති කරගත් බැඳීම ඇය ලෝකය වෙත දක්වන අව්‍යාජ ආදරයේ ප්‍රකාශනයක් විය. ලෝකය මීට වඩා යහපත් වනු දැකීමේ ඇයගේ ප්‍රාර්ථනාව මේ කවි තුළින් ඇසෙයි. අනෙක් අයගේ කවි අප්‍රමාණ ආදරයෙන් කියවූ ඇයගේ කවි කියවීමට ලැබීම භාග්‍යකි. ඇය ලෝකය වෙත දක්වන ආදරය ප්‍රකාශ වන කවියක් උපුටා දක්වමින් ඇයට සුබපතමි.
දාහෙට පිළිතුරක් නැත හිරු සරදමකී
යායට ගතම දිය වැරහැලි වූ සෙයකී
වේලට පිරිමහන අඩුවැඩියද වියැකී
වචනෙට කතාවට නම් නුඹ ගොවි රජෙකී.
වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල -
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.