ගැහැණු සිය හදවත ස්පර්ශ කළ පිරිමින් නාමයෙන් බොහෝ කැපකිරීම් කරති. ඉවසති.. දරාගනිති.. විඳවති. නමුත් එහිද යම් සීමාවක් වේ.. දරා ගැනීමේ සීමාව අවසන් අත් හැරීම ඇය අසළට සමීප වේ.. ගැහැණුන් සියලු බැඳීම් අත් හරින තැනට සියල්ල ගොඩනැගෙන්නෙ එලෙසය.. විශ්වාසය බිඳුණු පසු යලිත් එතැන ජීවයක් උපදින්නේ නැත.. මා දැන් උන්නේ ද ඒ තලයේය. හදවතට සමීප ලබැදියන් විසින් අමු අමුවේම මරා දැමූ ගැහැණු ආත්මයක් හිමි පව්කාරියක් වීම තරම් පාපයක් තවත් නැත. මා එවන් පව්කාර ගැහැණියක වී උන්නෙමි. තුහාන් මගෙ ජීවිතය සමීප වූයේ අහම්බයෙන් යැයි මා ඇදහුවේය..
අනේ නුඹව හිමි වීම වාසනාවක් සේ මට සිතුණේය. සියලු වේදනාවන් නුඹ වෙනුවෙන් දරාගන්නට තරම් මගෙ ගැහැණු ආත්මය සවිමත් වී තිබුණේය. නමුත් මා බොහෝ සෙයින් රැවටී ඇත.. තුහාන් මගෙ ජීවිතයට පැමිණියේ අහම්බයකින් නොවේ.. එය සැලසුමකි.. එය සැලසුමක ප්‍රතිඵලයකි.. ඔහු කීවාක් මෙන් මා රවටා ඔහු ලැබූ දිනුම කුමක් දැයි අසන්නට මට උවමනාවක් නොවේ.. මා පැරදී හෝ නුඹ දිනා ඇත්නම් ඒ ඇති ය.. මම ගැඹුරුම හුස්මක් වා තලයට මුසු කළෙමි.. නොනැවතී ඉදිරියටම ගමන් කළෙමි..
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.