ලක්දිව අත්කම් ශිල්ප කලා
මෙහි දැක්වෙන පුන්කලස් යුගලය මඟුල් සලකුණු 108 න් එකකි. සෞභාග්‍යයේ සංකේතයක් ලෙස සැලකෙන පැරණි සිංහල මොස්තර ගණයට අයත් පුන්කලස ගල් කැටයම් හා චිත්‍රවල මෙන්ම ලී හා තහඩු කැටයම් අතරද දක්නට ලැබෙන සෞන්දර්යාත්මක මෝස්තරයකි. කලස මත තබා විහිදුවන ලද මල් කළඹක් සහිතව නිරූපනය කිරීම මෙහි සම්ප්‍රදායයි. පැරණි සිංහල මෝස්තර ගණයට අයත් අෂ්ටනාරී රථය පිටකවර චිත්‍රයේ පුන්කලස් යුගල මධ්‍යයේ දක්නට ඇත. එය මානව රූප යොදා සකස්කර ඇති චමත්කාර ජනක අලංකාර ක්‍රමයක් ලෙස සැලකේ.
ස්ත්‍රී රූප අටක් රථයක හැඩය ඇතිවන පරිදි ගැලපීම මෙම මෝස්තරයට පදනම් වී ඇත. චතුර්නාරී පල්ලැක්කිය, ෂඩ්නාරී තොරණ, සප්තනාරී තුරඟා, නවනාරි කුඤ්ජරය, පංචනාරී ඝටය, දේවිනාරී රථයද මීට සමාන මෝස්තර කිහිපයකි. ගල් හා ලී කැටයම් වලද කලාතුරකින් චිත්‍ර හා පිත්තල කැටයම් වලද දක්ෂ ශීල්පීන් විසින් යොදා ගනු ලබන මෝස්තර විශේෂයක් ලෙස දැක්විය හැකිය. ඉහළින් ඇති රූපය කාම දේවයාගේ බවට මතයක් ද පවතී.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.