ලක්දිව ගම් නම් පුවත්
ගමකට නමක් ලැබෙන්නේ ඒ හා බැඳුණු කතා පුවතක් ද සමඟිනි. රටේ පිහිටීම අනුව ඉන්දියන් සාගරයේ මුතු ඇටය’ නම් වූ ශ්‍රී ලංකාවට හෙළදිව, රත්නදීප, සීහලදීප ආදී අන්වර්ථ නාමයන්ද පවතී. ලක්දිව නගර ස්ථාන ග්‍රාම, යම් විශේෂ පුවතක්, භූගෝලීය පිහිටීම, දේශපාලන, සංස්කෘතිය හා පරිසරමය සාධක අනුව නම් කිරීමට ලක් වී ඇති බව ඉතිහාසය ඇසුරින් පෙනී යයි. ග්‍රාම නාම පිරික්සීම එක අතකින් මෙරට ඉතිහාසය හා විද්‍යාව හැදෑරීමකි. පුරාවිද්‍යා ගවේෂණයකි. එසේම ජාතික අනන්‍යතාවය ඇගයීමකි. සිංහල ජාතික අනන්‍යතාවය සහිත ඇතැම් අනගි සිංහල වචන තවමත් නොනැසී පවතින්නේද මෙරට ග්‍රාම නාම හා ස්ථාන නාම නිසා බව නොරහසකි. මුල්කිරිගල, වාකිරිගල, වෙල්ලස්ස, වැල්ලවාය, මහියංගනය, බුදුරුවගල, සීගිරිය, දඹුල්ල, දිඹුලාගල, රම්බොඩ, සීතා එළිය, මුල්ලේරියාව, හම්බන්තොට ආදී ගම් නම් ඇසෙන දකින විටම ඒ හා බැඳුණු විශේෂ පුවතක්, රසත්, උණුසුමත් ශීතලත් අභිමානයක් සිහියට නැඟේ. ගම්වල නම් පිළිබඳ ගවේෂණය දුෂ්කරය. එහෙත් ඉතා සොඳුරු වූ කාර්යයකි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.